𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සතොස මෝටර්ස් සහ Isuzu එක්ව   CR & FC රග්බි සමාජය සඳහා 2028 වසර දක්වා  නිල සහකාර අනුග්‍රාහකත්වය සපයයි

ශ්‍රී ලංකාවේ Isuzu රථවාහන සඳහා බලයලත්  නියෝජිතයා වන සතොස මෝටර්ස් පී.එල්.සී. (SML) ආයතනය විසින්  CR & FC රග්බි සමාජය සමඟ උපායමාර්ගික අනුග්‍රාහකත්ව සහකාරීත්වයක් ආරම්භ කරන ලදී. ඒ අනුව සතොස මෝටර්ස් පී.එල්.සී. සහ Isuzu  2028 වසර දක්වා එම සමාජයේ නිල සහකාර අනුග්‍රාහකයා බවට පත්ව තිබේ.

විශිෂ්ටත්වය, ඉහළ කාර්යසාධනය සහ දීර්ඝකාලීන සංවර්ධනය යන පොදු අභිලාෂයන් මුල් කරගනිමින්  ගොඩනැගුණු මෙම සුවිශේෂී  සහකාරීත්වය සනිටුහන් කරමින්, දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පසුගියදා  කොළඹ CR & FC ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ගිවිසුමක් අත්සන් කරන ලදී.

 මෙම අනුග්‍රාහකත්වය ඔස්සේ, මෙරට රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා   CR & FC සමාජය වෙත සතොස මෝටර්ස් සහ Isuzu සමාගමේ පූර්ණ සහයෝගය හිමි වේ. එපමණක් නොව,  ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා මෙන්ම  සමූහ ක්‍රියාකාරිත්වය, විනය, කැපවීම සහ ක්‍රීඩාශීලීත්වය වැනි ගුණාංග ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සතොස මෝටර්ස් සමාගම දක්වන සුවිශාල දායකත්වය ද  මෙමඟින් මැනවින් ඉස්මතු වේ.

CR & FC සමාජය 2025/26 රග්බි තරග වාරයේ දී දිනගත් ශූරතාවන් ත්‍රිත්වයේ   විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව මෙම සහකාරිතාවය ආරම්භ කිරීම විශේෂත්වයකි. මෙම අතිවිශිෂ්ට සාර්ථකත්වය මගින් මෙරට ප්‍රමුඛ පෙළේ රග්බි ක්‍රීඩා සමාජයක් ලෙස CR & FC හි නාමය තවදුරටත් තහවුරු වන අතර එහි ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ සහ කළමනාකාරිත්වයේ කැපවීම, අධිෂ්ඨානය සහ තරගකාරී පෞරුෂය ද මැනවින් ප්‍රදර්ශනය කෙරේ.

මෙම අනුග්‍රාහකත්වය සතොස මෝටර්ස් පී.එල්.සී. සහ Isuzu  සඳහා සාමාන්‍ය ක්‍රීඩා අනුග්‍රාහකත්වයකින් ඔබ්බට  විහිදුණු  සුවිශේෂී සන්ධිස්ථානයක් වේ. එනම් මේ ඔස්සේ, ඉහළ මට්ටමේ රග්බි ක්‍රීඩාව නියෝජනය කරන ශක්තිය, විඳදරාගැනීම, විශ්වාසනීයත්වය, සාමූහිකත්වය සහ ජයග්‍රාහී අධිෂ්ඨානය වැනි ගුණාංග සමඟ Isuzu සන්නාමය ද ඒකාබද්ධ  කෙරේ.  Isuzu සන්නාමය ශ්‍රී ලංකාව තුළ ගොඩනගා ගෙන ඇති වටිනාකම් සමඟ එම ලක්ෂණයන් හොඳින්ම ගැළපෙයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයන් සඳහා අත්වැලක් වෙමින් ක්‍රීඩකයන්ට ඉහළම මට්ටමේ දක්ෂතා දැක්වීමට අවස්ථාව උදාකර දීම වගකීම්සහගත ආයතනික සමාගම්වල යුතුකමක් බව සතොස මෝටර්ස් දැඩිව විශ්වාස කරයි.දිවයින පුරා සිටින පාරිභෝගිකයන්   ක්‍රීඩා ලෝලීන් සහ රග්බි ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රජාව සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගනිමින් සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම සවිමත් කිරීමට සමාගම මෙම අනුග්‍රාහකත්වය  ඔස්සේ අපේක්ෂා කරයි.

මෙම අනුග්‍රාහක කාලසීමාව හරහා එක්ව විවිධ වැඩසටහන් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට  දෙපාර්ශ්වයට කදිම අවස්ථාවන් නිර්මාණය වන අතර එමගින් CR & FC මෙන්ම සතොස මෝටර්ස් පී.එල්.සී. සහ Isuzu  සන්නාමයන්හි ජනප්‍රියත්වය ද තවදුරටත් වර්ධනය වනු ඇත.

දැවැන්ත ප්‍රේක්ෂක පදනමකට මෙන්ම සාඩම්බරණීය ඉතිහාසයකට උරුමකම් කියන CR & FC ක්‍රීඩා සමාජය  ශ්‍රී ලංකාව තුළ තරගකාරී රග්බි ක්‍රීඩාව සහ නව ක්‍රීඩා දක්ෂතාවල අභිවෘද්ධිය උදෙසා අනාගතයේදී ද සුවිශේෂී  මෙහෙවරක් ඉටු කරනු ඇත. මෑතකාලීනව ඔවුන් ලබා ඇති සාර්ථකත්වය සහ ආයතනික සහකරුවන්ගේ ශක්තිමත් අනුග්‍රහය, ඉදිරි තරග වාරයන්හි දී ඔවුන්ගේ ඉලක්ක කරා යාම සඳහා ඔවුන් සවිබල ගන්වනු ඇත.

2028 වසර දක්වා වන මෙම අනුග්‍රාහක ගිවිසුම මගින් විශිෂ්ටත්වය, කාර්යසාධනය, සාමූහිකත්වය සහ ප්‍රජා සබඳතා ආදී වූ පොදු වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝකාලීන සබඳතාවක ආරම්භය සනිටුහන් කරයි. සතොස මෝටර්ස් පී.එල්.සී, Isuzu සහ CR & FC සමාජයේ සහයෝගීතාවයෙන් එළඹි මෙම  හවුල්කාරිත්වය ඔස්සේ  ශ්‍රී ලංකාවේ රග්බි වංශකතාවේ අලුත් පිටුවක් පෙරළීමට  බලාපොරොත්තු වේ.