𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා Level 2 අධෝරක්ත තාප පරීක්ෂකවරිය Vibhawa Consultant ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ.

සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power system studies & modelling) පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත අන්තර්ජාතික ISO : 9001 : 2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද ඉංජිනේරු උපදේශන ආයතනයක් වන විභව ආයතනය, level 3 සහ level 2 සහතිකලත් අධෝරක්ත තාප ශිල්පීන් (Certified Thermographers ) ආයතනය තුළම සේවය කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනයද වේ.

විභව Consultants ආයතනය දශකයකට ආසන්න කාලයක් පුරා විදුලි බලාගාර, මහා පරිමාණ කර්මාන්තශාලා, වාණිජ ආයතන, සංචාරක හෝටල් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි තම ගනුදෙනුකරුවන්ට දේශීය සහ ජාත්‍යන්තර මට්ටමෙන් විශ්වාසනීය ඉංජිනේරු විසඳුම් සහ තත්ත්ව නිර්දේශ සේවා ලබාදෙන ප්‍රමුඛ ආයතනයකි.

විභව Consultants ආයතනයේ මල්කි මඩපාත මහත්මිය ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් ඉදිරියට යමින් ලංකාව තුළ විදුලි දෝෂ විනිශ්චය සහ පරික්ෂාකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස විභව ආයතනය තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ඇත.

මල්කි මඩපාත මහත්මිය විසින් ලබාගත් මෙම සහතිකය ලබාගෙන ඇත්තේ ලොව ප්‍රමුඛ තාපවිද්‍යා පුහුණු ආයතනයක් වන ඇමරිකාවේ IRISS ආයතනය මගිනි. ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, තාක්ෂණ සහ STEM ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය දිරිමත් හා පෝෂණය කිරීමට ලබාගත් මෙම ජයග්‍රහණය වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Vibhawa Consultants ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වරලත් විදුලි ඉංජිනේරු නදීර විජේසිංහ මහතා (Level 3 certified thermographer) මෙසේ අදහස් දැක්වීය.

“Level 2 සහතිකය ලබාගැනීම සඳහා තාක්ෂණික දැනුම පමනක් නොව පුළුල් ප්‍රායෝගික පළපුරුද්ද, අත්දැකීම් හා මනා කැපවීමක්ද අත්‍යවශ්‍යයි. මල්කි මහත්මිය විසින් අප විභව කණ්ඩායම සමග දේශීය හා විදේශීය ව්‍යාපෘතිවල තාපගති පරික්ෂාකිරීම් (thermgoraphy inspection) වලට එක්වී ඇය ලබාගත් පළපුරුද්ද සහ අත්දැකීම් මේ සඳහා ප්‍රමුඛ පිටුවහලක් වුණා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි අවුරුදු දෙකකට ඉහතදී ආධුනික පුහුණු සහායක ඉංජිනේරුවරියක් ලෙස අප සමාගමට පැමිණි මල්කි දැන් අප ආයතනෙය් – සහකාර කළමනාකාරිනී – විදුලි පරීක්ෂා සහ ගුණාත්මකභාව සහතික කිරීම ලෙස සේවය කරනවා “

තවදුරටත් අදහස් දක්වමින් නදීර විජේසිංහ මහතා ප්‍රකාශ කලේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රය ගොඩනැඟීම සඳහා විභව ආයතනය දක්වන කැපවීම මැනවින් කියාපාන බවයි, එම  ක්ෂේත්‍රයන්හි නියැලෙන කාන්තාවන්ට මෙන්ම, ඒ අංශවලට පිවිසීමට බලාපොරොත්තු වන කාන්තාවන් තුල  ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍රය කෙරෙහි ඇති සම්ප්‍රදායික ආකල්ප වෙනසක් ඇති වීමටත් මෙය උපකාරී වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව පරම්පරාවේ ඉංජිනේරු හා තාක්ෂණික වෘත්තිකයින්ට ප්‍රායෝගික සහ න්‍යායික දැනුම ගුණාත්මකව ලබාදීම සඳහා මාර්ගගත ක්‍රමයට දැනුම සහ සහතිකපත්‍ර ලබාගැනීමට හැකි  අධ්‍යාපනික පද්ධතියක් (LMS platform) තුළින්) විභව ආයතනය විසින් මේ වන විටත් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. මේ ක්‍රියාමාර්ග හරහා විභව ආයතනය ශ්‍රී ලාංකික ඉංජිනේරු තාක්ෂණ ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීමටත්,  තාක්ෂණික කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් හෙට දවසක් වෙනුවෙන් ගොඩනැඟීමටත් අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

Vibhawa consultants ආයතනයේ සේවාවන්, ක්ෂේත්‍ර විශේෂඥතාවන් හා ඔවුන්ගේ පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා – www.thermography.lk සහ www.vibhawa.lk වෙත පිවිසෙන්න

උපුටා ගැනීම : අද දෙරණ