𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

වනජීවී දෙපාර්තමේන්තුවට යතුරුපැදි 181ක්. වියදම රු. මිලියන 91ක්

වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස 2026-05-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී ප්‍රසම්පාදනයේ කොටසක් වශයෙන් යතුරු පැදි 181ක් මිල දී ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන David Pieris Motor Company වෙත රුපියල් මිලියන 91.26 මුදලකට (බදු රහිත) අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ