𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මල්ටි ඕඩියෝ විෂුවල් ආයතනය මඟින් සංවිධානය කළ ‘Allen & Heath’ ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහන සාර්ථකව නිමා වේ

ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන උසස් ඩිජිටල් ශ්‍රව්‍ය සංකලන තාක්ෂණය (Digital Mixing Technology) පිළිබඳ පුළුල් ඉගෙනුම් අත්දැකීමක් පිරිනමන ලදී.  උත්සව නිෂ්පාදන සමාගම්, ශ්‍රව්‍ය ඉංජිනේරුවන් (Sound Engineers), සංගීත ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, තාක්ෂණික නිලධාරීන් මෙන්ම Allen & Heath පරිශීලකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියහ.

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වසර 25කට අධික අත්දැකීම් සහිත මල්ටි සමූහ ව්‍යාපාරයට  අනුබද්ධිත සමාගම් වන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික  සමාගම සහ මල්ටි ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය  ලොව සුප්‍රකට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.  වෘත්තීය මට්ටමේ ශ්‍රව්‍ය, ආලෝකකරණ සහ ඒකාබද්ධ AV විසඳුම් සැපයීමේ දී විශ්වාසනීයත්වය, තාක්ෂණික විශේෂඥතාව මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සේවාව සම්බන්ධයෙන් මෙම සමාගම ඉහළ කීර්තියක් ලබා ගෙන ඇත.

මෙම වැඩසටහන හරහා ප්‍රායෝගික නිරූපණ, සැබෑ ශ්‍රව්‍ය භාවිතයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව මෙන්ම Allen & Heath Digital Mixing Consoles පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් පිරිනැමීමට ද සැලසුම් කර තිබිණි. මෙමඟින්  නූතන ඩිජිටල් ශබ්ද පරිපාලන ශිල්පීය ක්‍රම (Digital Sound Reinforcement Techniques) පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත්, වෘත්තීය ශ්‍රව්‍ය තාක්ෂණයේ නවතම නිපැයුම් ගවේෂණය කිරීමටත් සහභාගීවූවන්ට අවස්ථාව සලසා තිබිණි.

මෙහිදී  නූතන උත්සව නිෂ්පාදන සහ සජීවී විනෝදාස්වාද ක්ෂේත්‍රයන් තුළ අත්‍යවශ්‍ය කරුණක් වන Workflow Optimization, ඩිජිටල් ශබ්ද සංකලන හැකියාවන්, සජීවී ශබ්ද කළමනාකරණය  සහ උසස් Console විශේෂාංග කෙරෙහි ඉහළ අවධානයක් යොමු කෙරිණි. ප්‍රායෝගික ආකෘතියක් සමඟ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ බැවින්, සැබෑ යෙදවුම් තුළ දී Allen & Heath පද්ධතිවල ක්‍රියාකාරීත්වය, නම්‍යශීලීභාවය සහ විශ්වාසනීයත්වය සජීවීව අත්දැකීමට සහභාගී වූ පිරිසට හැකියාව ලැබිණි.

මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික  සමාගමේ සාමාන්‍යාධිකාරී දිලංක රත්නායක මහතා විසින් මෙම පුහුණු වැඩසටහනේ නිල පිළිගැනීමේ කතාව සිදුකරන ලදී.  අඛණ්ඩ දැනුම බෙදාහදා ගැනීමේ මුලපිරීම් සහ තාක්ෂණික සංවර්ධන වැඩසටහන් හරහා දේශීය වෘත්තීය ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය  උදෙසා සහයෝගය දැක්වීමට සිය සමාගම විසින් දක්වන මනා කැපවීම එහි දී ඔහු අවධාරණය කළේය.

මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික  සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලක් අරුණසිරි මහතා සිය අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “ගෝලීය මට්ටමේ නිෂ්පාදන මෙරට වෙත හඳුන්වා දීම පමණක් ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරනවා. මෙම උසස් තාක්ෂණික පද්ධතිවල උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ආත්ම විශ්වාසය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් තුළ පැවතීම ද ඉතාම වැදගත් වෙනවා.මෙවැනි වැඩසටහන් සංවිධානය කිරිම මඟින් ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය, වෘත්තීය ප්‍රවීණත්වය සහ විශ්වාසනීය සේවා සහය සෘජුවම ලබා දෙමින් දේශීය ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අපි  බලාපොරොත්තු වෙනවා .”

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය  සන්නාමයක් ලෙස මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික  සමාගම ගොඩනගා ගෙන ඇති ප්‍රමුඛස්ථානය Allen & Heath ශ්‍රව්‍ය පුහුණු වැඩසටහන සාර්ථකව දියත් කිරීම ඔස්සේ තවදුරටත් තහවුරු වේ. වෘත්තීය වශයෙන් ශ්‍රව්‍ය දැනුම වර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ සජීවී උත්සව, විනෝදාස්වාද කටයුතු සහ විකාශන ක්ෂේත්‍රයන් තුළ  වර්ධනය වන ඉල්ලුමට අත්වැල් සැපයීමට මෙම සමාගම පූර්ණ වශයෙන් කැපවී සිටියි. අධ්‍යාපනය සහ ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින්, ජාත්‍යන්තර  ඩිජිටල් ශ්‍රව්‍ය තාක්ෂණය දේශීය වෘත්තිකයන් හට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට මෙන්ම මෙම ක්ෂේත්‍රයේ  වෘත්තීයමය සහයෝගය ප්‍රවර්ධනය කිරීමට සමාගම ස්ථාවරව කටයුතු කරයි.