𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පුද්ගලයන්, කණ්ඩායම් සහ නව ජවය එකට එක් කරමින් PPL 2026 නැවතත් Playdium හිදීපැවැත්වීමට නියමිතයි

පුද්ගලයන්, කණ්ඩායම් සහ නව ජවය එකට එක් කරමින් PPL 2026 නැවතත් Playdium හිදී පැවැත්වීමට නියමිතයි

Playdium දින දර්ශනයේ සුවිශේෂී උලෙළක් වන PPL 2026 තරගාවලිය, සුපුරුදු ජීව ගුණය සහ උද්යෝගය පෙරදැරිව මෙවරත් කොළඹදී ආරම්භ වීමට සියල්ල සූදානම්ව ඇත. PPL යනු හුදු ක්‍රීඩා ලීග් තරගාවලියකට වඩා එහා ගිය, සෑම වසරක් පාසාම මහජනතාව උද්‍යෝගයෙන් පුලපුලා බලාසිටින සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව ඇත. ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයන්, ප්‍රතිවාදීන් මෙන්ම මිතුරන් ලෙස වෘත්තිකයෝ තම සේවා ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදී එකිනෙකා සමග සුහදව තරග වදිති.

කොළඹ One Galle Face පරිශ්‍රයේ පිහිටි Playdium හි පැවැත්වෙන PPL තරගාවලිය, ‘ක්‍රීඩාව තුළින් එකිනෙකා සමග සමීප වීම’ යන ප්‍රබල අභිලාෂය මත පදනම් වී ඇත. පන්දු යැවීම මෙහි ප්‍රධාන අංගය වුවද, PPL හි සැබෑ විශේෂත්වය වන්නේ එමඟින් නිර්මාණය කරන සුහදශීලී වටපිටාවයි. ක්‍රීඩාව අතරතුර හුවමාරු වන සිනහව, මිත්‍රශීලී තරගකාරීත්වය, ජයග්‍රහණය එකාවන්ව සැමරීම සහ සුළු අතපසුවීම් නොතැකීම යන මේ සියල්ල තරගකාර. නමුත් ගැඹුරු සමාජීය බැඳීමක් සහිත අත්දැකීමක් නිර්මාණය කරයි.

PPL 2026 සඳහා මෙවරත් ආයතනික කණ්ඩායම් සහ තනි ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි.ප්‍රථම වතාවට ක්‍රීඩා කරන ආධුනිකයන්ගේ සිට නිරන්තරයෙන් තරග වදින ක්‍රීඩකයින් දක්වා සැමට එකසේ සහභාගී විය හැකි අයුරින් මෙහි තරග රටාව සකස් කර ඇත. 2026 මැයි 16 සහ 23 යන දිනවල පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය, සෑම තරග දිනකම පවතින සුවිශේෂී ජවය සහ උද්‍යෝගය හේතුවෙන් මෙරට විනෝදාස්වාද සහ ආයතනික වැඩසටහන් අතරින් සුවිශේෂීම වැඩසටහනක් වන බව නොඅනුමානය.

Playdium හි අපට PPL යනු හුදෙක් අප පවත්වන එක් උත්සවයක් පමණක් නොව, එය ක්‍රීඩකයින් සමඟ අප ද අත්විඳින අත්දැකීමකි. තරගාවලිය පවතින කාලය තුළ මෙම පරිශ්‍රය නව ජවයකින් පිරී යයි. පන්දු යැවීමේ තීරු, ආකේඩ් ක්‍රීඩා, ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ සහ සුහද කතාබහ යන මේ සියල්ල එක්ව PPL වලටම ආවේණික වූ සුවිශේෂී පරිසරයක් ගොඩනගයි. මෙය විනෝදාස්වාදය පමණක් නොව, මිනිසුන් අතර සබඳතා ගොඩනගන ප්‍රබල අවස්ථාවකි

PPL 2026 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Citizens Development Business Finance PLC (CDB) ආයතනය අප සමඟ අත්වැල් බැඳගෙන සිටින බව සතුටින් දන්වා සිටිමු. මෙම හවුල්කාරිත්වය තරගාවලියේ වර්ධනය වන පරිමාණය සහ වටිනාකම මනාව පිළිබිඹු කරයි. මීට අමතරව, විවිධ අංශ යටතේ අනුග්‍රාහක ආයතන රැසක් සමඟ අප කටයුතු කරන අතර, සන්නාමයන්ට මෙම අත්දැකීමේ කොටස්කරුවන් වීමට තවමත් අවස්ථාව පවතී. Atom ඩිජිටල් සහකරු ලෙසත්, Pearlbay නිල ත්‍යාග සහකරු ලෙසත්, One Galle Face Mall උපායමාර්ගික සහකරු ලෙසත්, PR Wire මහජන සම්බන්ධතා සහකරු ලෙසත්, PickMe නිල ව්‍යාපාරික වේදිකා සහකරු ලෙසත්, Kobra ශක්තිජනක සහකරු ලෙසත්, Oceans Talent නිල කුසලතා සහකරු ලෙසත් සහ Hype Labs ඩිජිටල් කන්ටෙන්ට් සහකරු ලෙසත් ආයතන රැසක් විවිධ අංශ යටතේ අප සමඟ එක්ව සිටියි.

PPL හි දැකිය හැකි වටිනාම අංගයක් වන්නේ කණ්ඩායම් සාමාජිකයන් එකිනෙකා සමඟ ගනුදෙනු කරන ආකාරය වෙනස් වන ආයුරුයි. සාමාන්‍යයෙන් නිල පරිසරයකදී හමුවන පුද්ගලයන්, මෙවැනි සම්පූර්ණයෙන්ම වෙනස් වටපිටාවකදී එකිනෙකාට සහයෝගය දක්වන ආකාරය මෙහිදී අත්විඳිය හැකිය.  මෙය කිසිදු බලකිරීමකින් තොරව ස්වභාවිකවම කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට උපකාරී වේ.

Playdium පරිශ්‍රය ද කාලය සමඟ නව වෙනස්කම්වලට ලක්ව ඇත. One Galle Face Mall හි ප්‍රධාන විදුලි සෝපානය අසලින් පිහිටි නව පිවිසුම නිසා පාරිභෝගිකයින්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. බොහෝ පිරිසක් මෙම ස්ථානය පිළිබඳව සොයා බලමින් Playdium සමඟ එක්වීමට PPL තරගාවලිය විශාල පිටිවහලක් වී ඇත.

PPL 2026 සඳහා සූදානම් වන අපගේ, මූලික අවධානය යොමු වී ඇත්තේ සැමට ප්‍රීතියෙන් සහභාගී විය හැකි අත්දැකීමක් නිර්මාණය කිරීම කෙරෙහි ය. එය හුදු තරගයක් පමණක් නොව, සහභාගී වන සැමගේ මතකයේ රැඳෙනා සුන්දර අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

එළඹෙන මැයි මාසයේදී ඔබ සැම පන්දු යැවීමේ ක්‍රීඩා මංතීරු වෙත සාදරයෙන් පිළිගැනීමට අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.

Playdium පිළිබඳව

කොළඹ One Galle Face හි පිහිටි Playdium යනු ශ්‍රී ලංකාවේ විශාලතම ගෘහස්ථ විනෝදාස්වාද පරිශ්‍රයයි. බෝලින් ක්‍රීඩාව, ආකේඩ් ක්‍රීඩා, කැරෝකී, VR අත්දැකීම්, භෝජනාගාර සහ දරුවන් සඳහාම වෙන් වූ ක්‍රීඩා ප්‍රදේශයක් එකම වහලක් යටට ගෙන එමින්, මහජනතාවට විවේකීව කාලය ගත කිරීමට, මිත්‍රශීලීව තරග කිරීමට සහ සුන්දර මතකයන් බෙදා ගැනීමට හැකි අවකාශයක් මෙහි නිර්මාණය කර ඇත.