𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

නිවසේ සිට කරන අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් හච් වෙතින් නවතම Data සැලසුම් රැසක්

ජංගම දුරකථන  බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී.  නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට ප්‍රවේශ වීමට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් දැරියහැකි මුදලකට මෙලෙස හඳුන්වා දී ඇත.

මෙමගින් නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට රු.29 ක් හා රු.69ක් වැනි සුළු මුදලකට Data සැලසුම් දෙකක් හඳුන්වා දී ඇත අතර රු. 29 පැකේජය Data 2GB කින් සහ දින දෙකක වලංගු කාලයකින්ද රු. 69 පැකේජය Data 7GB කින් සහ දින හතක වලංගු කාලයකින්ද සමන්විත වේ. මෙම සැලසුම් ද්විත්වය මගින්ම ZOOM, Microsoft Teams, Google Meet, Google Classroom වැනි අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහාද web browsing සඳහාද ප්‍රවේශය ලබා දෙයි.

හච් විසින් රු 551 කට Zoom App සඳහා විශේෂිත වූ  පැකේජයක්, අධ්‍යාපන හා කාර්යාල කටයුතු වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති අතර එය Anytime data 20GB කින් හා දින තිහක වලංගු කාලයකින් සමන්විත වේ. මෙය පෙරගෙවුම් හා පසුගෙවුම් යන පාරිභෝගිකයන් ද්විත්වයටම සක්‍රීය කරගත හැකි අතර අතර අනෙකුත් අධ්‍යාපනික කටයුතු සඳහා යොදා ගන්නා App සඳහා ප්‍රවේශයද, YouTube සඳහා අසීමිත ප්‍රවේශයක්ද හිමිවීම අමතර ප්‍රතිලාභයකි.

මෙම නව සැලසුම් පිලිබඳ අදහස් දක්වමින් හච්හි අලෙවි සාමාන්‍යධිකාරී හම්ඩි හසන් මහතා සඳහන් කළේ ” මෙම සැලසුම් මගින්  සිසු දරු දැරියන්ට නිවසේ සිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු SMART ලෙස කරගන්න පුළුවන් වගේම දැරිය හැකි මුදලකට ලබා ගත හැකි නිසා දෙමව්පියන්ටද මෙය ඉතාමත් පහසුවක්.” යනුවෙනි. මෙම සියලු සැලසුම් අදාළ මුදල රීලෝඩ් කිරීම, *131# අංකනය කිරීම සහ HUTCH Self Care app හරහා සිදුකරගත හැක.