ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව සිදු කරන කැපවීම එයින් යළි තහවුරු විය.
2026 සඳහා මහ බැංකුවේ තුන්වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පවත්වන ලද මෙම මුලපිරීම, බැංකුවේ Q+ ගෙවීම් යෙදුම කේන්ද්‍ර කරගත් අතර උතුරු පළාතේ විශාලතම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන නල්ලූර් උත්සවයට පෙරාතුව සිදු කිරීමට සැලසුම් කර තිබුණි.
උතුරු පළාත තුළ මුදල් රහිත ගෙවීම් පුළුල් කිරීම සහ එදිනෙදා භාවිතය පුළුල් කිරීම සඳහා මහ බැංකුව දරන උත්සාහයට සහාය දක්වමින්, කොමර්ෂල් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයේ Q+ විකුණුම් සහ Q+ වෙළඳ අත්පත්කර ගැනීමේ කණ්ඩායම් විසින් යාපනය නගරය සහ අවට ප්‍රදේශවල වෙළෙන්දන් 350කට වැඩි පිරිසකට මෙහිදී තම සේවය ලබා දෙන ලදී. ඒ සමඟම ප්‍රවර්ධන කාල සීමාව ආවරණය වන පරිදි විශේෂිත මුදල් ආපසු ගෙවීමේ වැඩසටහනක් සඳහා වෙළෙන්දන් 40 කටත් වැඩි පිරිසක් ලියාපදිංචි කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූ වෙළඳ ව්‍යාපාර අතරට ප්‍රමුඛ පෙලේ ඇඳුම් වෙළඳසැල්, අවන්හල් සහ යාපනයේ අනෙකුත් වෙළඳ ප්‍රජාව ඇතුළත් වූ අතර එමඟින් ගනුදෙනුකරුවන්ට Q+ හරහා පහසු, වේගවත් හා සම්බන්ධතා රහිත QR ගෙවීම් කිරීමේ හැකියාව ලබා දෙන පුළුල් ආයතන ජාලයකට සම්බන්ධ වීමේ අවස්ථාව හිමි විය. තවද ත්‍යාග ලෙස මුදල් ආපසු ගෙවීම් වලින් ද ඔවුන් ප්‍රතිලාභ ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අංශයේ නියෝජිතයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වය, එම කලාපය තුළ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ලැබෙන ආයතනික සහය මනාව ඉස්මතු කලේය. කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු සහ උතුරු කලාපීය කළමනාකරු අතින් ‘TCT Multi Trade’ හි හිමිකරු වන වමාදේව තියාගෙන්ද්‍රන් මහතා වෙත QR පහසුකම ලබා දීමේ අවස්ථාව මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවධානයක් දිනාගත්තේය.
යාපනයේදී බැංකුව විසින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනට සුදුසු වෙළෙඳුන් හඳුනා ගැනීම සහ ඔවුන්ව පද්ධතියට සම්බන්ධ කර ගැනීම, QR ලියාපදිංචිය, වෙළඳ සන්නාම ප්‍රවර්ධනය සහ පාරිභෝගික දැනුවත් කිරීම මෙන්ම Q+ ගෙවීම් ක්‍රමයේ සජීවී ප්‍රදර්ශන අවස්ථාවක් ද ඇතුලත් විය. මහ බැංකුව විසින් සංවිධානය කළ ප්‍රධාන උත්සව පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ Q+ ප්‍රවර්ධන කුටිය හරහා ගනුදෙනුකරුවන්ට හා ප්‍රජාවට ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටත් QR ගෙවීම් ක්‍රමයේ ඇති පහසුව අත්දැකීමට ද අවස්ථාව උදාවිය. බැංකුවේ මෙම මුලපිරීම ප්‍රවර්ධන වැඩසටහනක කාර්යභාරය ඉක්මවා ගොස් කලාපය තුළ තිරසාර ඩිජිටල් ගෙවීම් පරිසරයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර තිබුනි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකු කණ්ඩායමේ සාමාජිකයින් විසින් යාපනයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. සිවකරන් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ අධ්‍යක්ෂ කේ. වී. කේ. අල්විස් මහතා ඉදිරියේ යාපනයේ TCT Multi Trade හි හිමිකරු වාමදේව තියාගේන්ද්‍රන් මහතාට QR පහසුකම භාරදීමේ අවස්ථාව
උපුටා ගැනීම : අද දෙරණ




