𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ ස්වර්ණමය රාත්‍රිය

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්‍ෂණ සපයන්නෙකු වන ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’  පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී පවත්වන ලදී. එහිදී වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් ,  ජනශක්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රමේෂ් ෂාෆ්ටර්,  ජනශක්ති ලයිෆ් හි  අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ සහ සමාගමේ ප්‍රධාන කළමනාකාරීත්වය ඇතුළු ගෞරවනීය අමුත්තන්  රැසක් සහභාගී වූහ.

සුවිශේෂී කැපවීමක් සහ දායකත්වයක් දැක්වූ ආයතනයේ  ඉහළම ජයග්‍රාහකයින් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමත් සමඟ  ජයග්‍රහණයෙන් සහ සුහදතාවයෙන් පිරී ගිය මෙම සන්ධ්‍යාවට ජනශක්ති ලයිෆ් හි උපාය මාර්ගික දැක්ම සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව Personal Lines Channel හි  සාමාන්‍යාධිකාරී රෙහේන් ගුණවර්ධන සහ Retail Business Channel හි සාමාන්‍යාධිකාරී එච්.ඊ.ටී.  සම්පත් විසින් සිදුකළ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ද ඇතුළත් විය. ප්‍රශංසනීය ඇගයුම්වලින් ප්‍රබෝධමත්  වූ මෙම සැඳෑව තවත් විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකින් පිරී තිබුණු අතර ආයතනය වෙනුවෙන් සිදුකළ අමිල දායකත්වය වෙනුවෙන් ජනශක්ති ලයිෆ් විසින් තම සේවා මණ්ඩලය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂි ඇගයීම මෙම උත්සව අවස්ථාවෙන් මැනවින් පිළිබිඹු විය.

මෙම අවස්ථාවට එකතු වී සිටි ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා  සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. “ ඉහළ දස්කම් දැක්වූ අපගේ කණ්ඩායම් සාමාජිකයින්ගේ විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙනවා. ඔවුන්ගේ විශිෂ්ටත්වය සහ  සමාගම වෙනුවෙන්  ඔවුන් දක්වන කැපවීම ජනශක්ති ලයිෆ් හි සාර්ථකත්වයට බොහෝ ඉවහල් වී තිබෙනවා. ‘Achievers Golden Night’ තුළින් ඔවුන්ගේ ජයග්‍රහණ සිහිපත් කරමින් ඇගයීම පමණක් නොව, දක්ෂතා හඳුනා ගැනීමට සහ එය තවදුරටත් ඔපමට්ටම්   කිරීමට අපගේ සමාගමේ නොසැලෙන කැපවීම පිළිබඳව සාක්ෂියක් ද පිරිනමනවා.”

“ජීවිත නගාසිටුවමින් ඔබේ සිහිනයන් බලගන්වන්නෙමු” යන ආයතනික අරමුණ සාක්ශාත් කරමින් ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් ඉහළ වටිනාකමක් ලබා දීමට උත්සාහ කරයි. ඒ අනුව පාරිභෝගික ජනතාවගේ ජීවිතයේ සෑම අදියරකම රැඳී සිටිමින් ඔවුන්ගේ  අවශ්‍යතාවන් සපුරාලමින්  මූලික රක්ෂණ විසඳුම් සහ සේවාවන් පිරිනැමීමට ජනශක්ති ලයිෆ් සැමවිටම කටයුතු කරන අතර තම ආයතන අරමුණ තවදුරටත් පුළුල් කරමින්, සිය කණ්ඩායම් සාමාජිකයින්ට ද ඔවුන්ගේ සිහින සහ අපේක්ෂාවන් වර්ධනය කර ගැනීමට සහ සාක්ෂාත් කර ගැනීමට විශාල සහයෝගයක් සහිත සේවා පරිසරයක් නිර්මාණය කර දීමට ද මෙම ආයතනය විසින් කටයුතු කරනු ලබයි.

වසර 28 ක කාලයක් පුරාවට ජනශක්ති ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කර ඇත. එහි ශාඛා 75කට අධික දීප ව්‍යාප්ත ජාලය මඟින් සෑම තරාතිරමකම පුද්ගලයන්ට ජනශක්ති රක්ෂණ  ආයතනයේ අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී තිබේ.