𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Denim විලාසිතාවේ නව යුගයක් සනිටුහන් කරමින් Emerald සිය Authentic Denim එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත.

මෙම “Authentic Denim” එකතුව කපු සහ ස්පැන්ඩෙක්ස් පරිපූර්ණ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති අතර, එය පිරිමි ඇඳුම් විලාසිතාවේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් නව ප්‍රමිතීන් සැකසීමට සන්නාමයේ ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි. එසේම මෙම Denim එකතුව නවීනත්වය සහ කල්පැවැත්ම සහතික කරමින් සාමාන්‍ය Denim වලින් නොලැබෙන ආකාරයේ සුවිශේෂී අත්දැකීමක් ලබා දෙයි.

නූතන මිනිසාගේ ක්‍රියාශීලි ජිවන රටාවට සරිලන පරිදි මෙම “Authentic Denim” එකතුව නිපදවා ඇත. උසස් ගැලපීමක්, සුවපහසු අත්දැකීමක් ලබා දීමේ අරමුණින් නිපදවා ඇති මෙම එකතුව, විලාසිතා සහ ප්‍රායෝගිකත්වය යන දෙකම අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා කදිම විසඳුමකි.

Emerald හි ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අහමඩ් ඉක්‍රම් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම Authentic Denim එකතුව මඟින් අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී Denim අත්දැකීමක් ලබා දීම අපේ බලාපොරොත්තුවයි. විලාසිතා ලෝලීන්ගේ උසස් ප්‍රමිතීන්ට අනුකූලව පමණක් නොවේ අපගේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන එකතුවක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය  වුණා. මෙම එකතුවට යොදා ගන්නා ජපානයෙන් ආනයනික ඩෙනිම් රෙදි, කපු සහ ස්පැන්ඩෙක්ස්වල පරිපූර්ණ සම්මිශ්‍රණය, ගුණාත්මක බව සහ අව්‍යාජත්වය සහතික කරමින් Emerald හි විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම විදහා දක්වනවා.”

ඕනෑම අවස්ථාවකට ගැලපෙන Emerald හි “Authentic Denim” එකතුව Emerald වෙළඳසැල්, දිවයින පුරා ප්‍රමුඛ පෙළේ සිල්ලර හවුල්කාර වෙළඳසැල් සහ www.emerald.lk වෙතින් ලබා ගත හැකිය.