𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ ආලෝකකරණයට රු. බිලියනයක ඇස්තමේන්තුවක්

කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී.

එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝකකරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය සැලකිල්ලට ගෙන, පෑලියගොඩ, කෙරවළපිටිය, සීදුව සහ ජාඇල යන අන්තර් හුවමාරු ප්‍රදේශ මෙන්ම නව කැලණි පාලම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා නිදහස් මාර්ග කොටස් පමණක් ප්‍රථම අදියර වශයෙන් ආලෝකකරණය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

එම මාර්ග කොටස්වල ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම, පැකේජ 02ක් වශයෙන් රුපියල් මිලියන 1,098.50ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරා ගනු ලබන කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉටු කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ