අද (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් දැකගත හැකිවිය.
කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 225.33ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළ අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 1.05%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,620.44ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 63.87ක් හෙවත් 1.06%ක වර්ධනයක් වාර්තා කළ අතර එහි අගය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,058.92ක් ලෙසින් නැවත වරක් ඒකක 6,000 සීමාව ඉක්මවා සනිටුහන් විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.67ක් ලෙසින් වාර්තා වේ.

උපුටා ගැනීම : අද දෙරණ




