𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 100ක EPF ආයෝජනවල දැන් වටිනාකම රු. බිලියන 204ක් වෙලා

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකරන ලද ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2026 ජූනි 30 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මෙරට ලැසිය්තුගත සමාගම් 61 ක කොටස් මිල දී ගැනීම් වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රු. බිලියන 100.15ක් වේ. මෙම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම ඒ වන විට රු. බිලියන 204.94ක් බව සේවක අරථසාධක අරමුදල විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය කර සිටී.

මේ අතර 2026 මාර්තු 31 වන විට අරමුදල විසින් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබූ මුදල රු. බිලියන 87.33ක් වූ අතර එම වටිනාකම රු. බිලියන 100.15ක් දක්වා රු. බිලියන 12.82කින් 2026 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී ඉහළ ගොස් තිබේ.

2026 ජූනි 30 වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජන පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

අද දෙරණ