ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. මෙම ජයග්‍රහණය, සුව කළ නොහැකි අක්මා රෝගවලින් පෙළෙන රෝගීන්ට නව බලාපොරොත්තුවක් රැගෙන එයි.
මෙම සංකීර්ණ සැත්කම ඉතා පළපුරුදු විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සිදු කරන ලදී. එම කණ්ඩායමට අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්, අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්, දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂිත හෙද කණ්ඩායම් සහ අනෙකුත් සෞඛ්‍යය වෘත්තිකයන් ඇතුළත් විය. මෙම සාර්ථක ප්‍රතිඵලය මගින්, ආසිරි සෙන්ට්‍රල් රෝහල ජාත්‍යන්තර මට්ටමේ බද්ධ කිරීමේ ශල්‍යකර්ම ලංකාවේදීම කිරීමට අති නවීන වෛද්‍ය තාක්ෂණය, විශේෂිත යටිතල පහසුකම් සහ සායනික විශේෂඥතාව සඳහා සිදු කරන අඛණ්ඩ ආයෝජනය තවදුරටත් තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ආසිරි සෙන්ට්‍රල්, ආසිරි සර්ජිකල් සහ ආසිරි මෙඩිකල් රෝහල්වල ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී වෛද්‍ය සමන්ති ද සිල්වා මහත්මිය මෙසේ පැවසුවාය. “ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව නිම කිරීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්. එය අපගේ සායනික කණ්ඩායම්වල කැපවීම, විශේෂඥතාව සහ සමීප සහයෝගීතාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. එයටත් වඩා වැදගත් වන්නේ එමඟින් අක්මා රෝගවලින් පීඩා විඳින රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නව බලාපොරොත්තුවක් ලබාදීමයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමටත්, රෝගීන්ගේ ජීවන තත්ත්වය සහ ප්‍රතිකාර ප්‍රතිඵල වැඩිදියුණු කරන ඉහළ විශේෂිත ප්‍රතිකාර සඳහා ප්‍රවේශය පුළුල් කිරීමටත් අපි අඛණ්ඩව කැපවී සිටිනවා.”
අක්මා බද්ධ කිරීම යනු නවීන වෛද්‍ය විද්‍යාවේ වඩාත් සංකීර්ණ සහ ඉහළ විශේෂඥතාවක් අවශ්‍ය වන සැත්කම් අතරින් එකකි. එයට සැත්කමට පෙර, සැත්කම අතරතුර සහ ඉන් අනතුරුව විවිධ විශේෂඥ අංශ අතර මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය කරයි. මෙම ජයග්‍රහණය හේතුවෙන් මෙරට රෝගීන්ට විදේශගත වීමකින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකාර සහ සත්කාර සේවා තම රට තුළම ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
මෙය අදාළ රෝගියාට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ද ජීවිතයේ නව බලාපොරොත්තු ඇති කරවයි. බරපතළ අක්මා රෝගවලින් පෙළෙන සහ සීමිත ප්‍රතිකාර විකල්පයන්ට මුහුණ දෙන පුද්ගලයන්ගේ ජීවිත වෙනස් කළ හැකි බද්ධ කිරීමේ සේවාවන්ගේ වැදගත්කම මෙමඟින් මනාව පිළිබිඹු වේ.
සායනික විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ රෝගීන් කේන්ද්‍ර කරගත් සත්කාරය මත පදනම්ව ජාත්‍යන්තර මට්ටමේ විශේෂිත වෛද්‍ය සේවා මෙරට තුළම ලබාදීමට ඇති හැකියාව යළිත් තහවුරු කරමින්, ආසිරි සෙන්ට්‍රල් රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් සෞඛ්‍යය සේවා සපයන්නෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගමන් කරයි.

