𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි.

අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න්  අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක දී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම  ප්‍රතිඵල පිළිබඳ ව අදහස් දක්වමින් අදානි පවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්. බී. ඛ්‍යාලියා මහතා පැවසුවේ, “2023- 24 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුව අවසන් වන විට අප වාර්තා කළ මූල්‍ය ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන විදියට, අදානි පවර් සමාගම විශිෂ්ට මූල්‍ය වර්ධනයක් සමගින් සිය නායකත්වය අඛණ්ඩ ව ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබෙනවා. සමාගම උපාය මාර්ගික ව ස්ථාපනය කර ඇති බලාගාර ජාලය,  පෞද්ගලික හා වෙළෙඳ යන අවශ්‍යතා සඳහා ප්‍රශස්ත ලෙස ධාරිතා වෙන් කර බෙදා හැරීම, ඉන්ධන කළමනාකරණය,  සැපයුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ O&M හි විශිෂ්ටත්වය යන විශේෂතා දිනෙන් දින වැඩි වන බලශක්ති ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙමින් ලාභ උත්පාදනය කිරීම සඳහා හැකියාව ලබා දෙනවා. ඒ වගේ ම ද්‍රවශීලතාව වර්ධනය කර ගැනීම හරහා ණය මට්ටම අඩු කිරීමට අපට හැකියාව ලැබී තිබෙන බවත් පැවසිය යුතු ම යි. මහාන් හි ක්‍රියාත්මක බ්‍රවුන්ෆීල්ඩ් ව්‍යාපෘතිය තුළ  මෙගාවොට් 1,600 ක විදුලි නිෂ්පාදනයක් සිදු වන බවත් සඳහන් කළ යුතු ම කරුණක්. ඒ වගේ ම කාබන් විමෝචනයෙන් තොර සමස්ත ක්‍රියාවලියක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන බවත් අවධාරණය කිරීමට කැමතියි. අපගේ ඉහළ කාර්යක්‍ෂමතාවකින් යුත් බලාගාර හරහා විශ්වසනීය මෙන් ම ප්‍රශස්ත විදුලි සැපයුමක් ලබා දෙමින්,  තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙත ශක්තිමත් ව පියනැඟීමට අපි අරමුණු කරනවා.” යනුවෙනි.

2023-24 මූල්‍ය වර්ෂයේ කාර්තු 3 හි දී ම ආදායම්වල වර්ධනයට සාපේක්ෂව ඉන්ධන පිරිවැය අඩු වීම හේතුවෙන් (ප්‍රධාන වශයෙන්  ආනයනික ඉන්ධන මිලෙහි අඩු වීම සහ විකල්ප ඉන්ධන පිරිවැය හේතුවෙන්) අඛණ්ඩ EBITDA වර්ධනයක් වර්තා වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

අදානි පවර් සමාගම 2022-23 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුවට සාපේක්ෂ ව 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව තුළ වාර්තා කළ  බදු පෙර ලාභයෙහි විශිෂ්ට වර්ධනයක්  වාර්තා වූ අතර,  2022-23 මුල් මාස නවය තුළ වාර්තා වූ වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත් කල 154%කි.