𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී.

සිය ජාලය තුළ ඇමතීම සඳහා  පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය කතා කාලයක් ලබා දෙයි. සිය මිතුරන්, පවුල් සාමාජිකයින් හෝ ව්‍යාපාරික කටයුතු සඳහා වෙනත් ජාලයන් වෙත ගනු ලබන දුරකතන ඇමතුම් සඳහා වර්තමානයේ දී ඉහළ ගාස්තු අය කෙරේ.

නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, දැරිය හැකි මුදලකට Data සහ දුරකතන ඇමතුම් පැකේජ සහ උසස් තත්වයේ ආවරණ ජාලයක්ද පිරිනමමින් පාරිභෝගික ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙයි.

මෙම අද්විතීය පැකේජය මසකට රු.345 ක් වැනි සුළු මුදලකට දැන් ලබාගත හැකිය. ඕනෑම ජාලයක ඕනෑම කෙනෙකුට ඇමතීමට මිනිත්තු 1000කට අමතරව, හච් ජාලය තුළ ගනු ලබන ඇමතුම් සඳහා ප්‍රසාද මිනිත්තු 500ක්, Anytime Data  2GB සහ ඕනෑම ජාලයකට SMS 1000ක් වැනි අමතර දීමනාද මෙමගින් පාරිභෝගිකයින්ට හිමිවේ.

ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින මෙවන් අවස්ථාවක, ලාභදායී විසඳුම් සැපයීම තුලින් සිය පාරිභෝගිකයින්ගේ ජීවිත නගා සිටුවීමට හච් සමත් වී ඇත. හච්හි මෙම නව පැකේජය මඟින් ජංගම දුරකතන පරිශීලකයෙකුට රු. 345 කට ඔවුන්ගේ සම්පූර්ණ දුරකතන ඇමතුම් අවශ්‍යතා මනාව කළමනාකරණය කරගත හැකිය.

හච් පාරිභෝගිකයින්ට මෙම ඇමතුම් පැකේජය රු. 345 රීලෝඩ් කිරීමෙන් හෝ *145# ඇමතීමෙන් හෝ HUTCH App හරහා සක්‍රිය කළ හැකි අතර නව හච් සම්බන්ධතාවක් අවශ්‍ය නම් රට පුරා පිහිටි 8000කට අධික සේවා මධ්‍යස්ථාන වෙතින් හෝ අන්තර්ජාලය හරහා ඇණවුම් කර නිවසටම ගෙන්වා ගත හැක.