𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

NovaNest Properties (Pvt) Ltd සිය නවතම “Rainbow Apartments” නිවාස ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු නිල වශයෙන් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නිවාස වෙළෙඳපොළට නව ජීවන අත්දැකීමක් එක් කරමින්, NovaNest Properties (Pvt) Ltd සමාගම විසින් ඉදිකරනු ලබන සිය නවතම නේවාසික මහල් නිවාස ව්‍යාපෘතිය වන රත්මලාන “රේන්බෝ අපාර්ට්මන්ට්ස්” (Rainbow Apartments) හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා කරන නිවාස ගැනුම්කරුවන් මෙන්ම දිගුකාලීන හා කෙටි කාලීන ආයෝජන අවස්ථා විමසා බලන ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. වර්තමානයේ නේවාසික වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින රත්මලාන ප්‍රදේශයේ පිහිටි මෙම නිවාස සංකීර්ණය, කොළඹ නගරයට ඇති පහසු ප්‍රවේශය, ප්‍රධාන ප්‍රවාහන සබඳතා සහ දියුණු සමාජ යටිතල පහසුකම් හේතුවෙන් කැපී පෙනෙයි. සුවපහසුව, ආරක්ෂාව සහ ප්‍රායෝගිකත්වය මුසු වූ නවීන නිවාස සඳහා පාරිභෝගිකයින්ගෙන් ලැබෙන ඉහළ ඉල්ලුම සපුරාලීමට මෙම ව්‍යාපෘතිය සමත්වනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

එමෙන්ම නවීන සැලසුම්කරණය සහ ප්‍රායෝගික ජීවන රටාව මුසු වූ උසස් තත්ත්වයේ නේවාසික සංවර්ධන ව්‍යාපෘති ක්ෂේත්‍රයට දායාද කිරීමට ‘NovaNest Properties’ සමාගම සතු කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් මනාව පිළිබිඹු වෙයි. වර්තමාන නිවාස හිමියන්ගේ වෙනස්වන සුළු ජීවන රටා අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිමවා ඇති “Rainbow Apartments” සතුටුදායක නේවාසික අවකාශයකින් මෙන්ම නවීන අංගෝපාංග රැසකින් ද සමන්විත වී ඇත. ඒ අතරට Infinity pool දෙකක්, ව්‍යායාම ශාලාවක්, සියලු පහසුකම් සහිත සේවා ස්ථාන, පුද්ගලික සිනමා ශාලාවක්, නවීන පන්නයේ ආපනශාලා, කුඩා සුපිරි වෙළඳසැලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ද ඇතුළත් වේ. මීට අමතරව, කොළඹ Nawaloka Hospitals PLC හි අනුග්‍රහය ලබන, පැය 24 පුරා ක්‍රියාත්මක ගිලන්රථ සේවාවක් සහිත පූර්ණකාලීන වෛද්‍ය මධ්‍යස්ථානයක පහසුකම් ද මෙහි නේවාසිකයන්ට හිමිවේ.

මෙම සුවිශේෂී ජනගත කිරීම පිළිබඳව අදහස් දැක්වූ NovaNest Properties (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමිත වෙද්‍යසේකර මහතා මෙසේ පැවසුවේය. “අද වන විට නිවාස ගැනුම්කරුවන් බලාපොරොත්තු වන්නේ නිවසේ විශාලත්වය පමණක් නෙවෙයි. තමන් රැකියාව කරන, අධ්‍යාපනය ලබන සහ කාලය ගත කරන ස්ථානවලට ආසන්නයෙන් නිවස පිහිටීම ද ඔවුන් බලාපොරොත්තු වෙනවා. ‘Rainbow Apartments’ නිර්මාණය කරනු ලැබුවේ එම අවශ්‍යතාව හඳුනාගෙනයි. අපගේ ‘Luxury beyond Expectations’ (බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ සුඛෝපභෝගීත්වය) යන පොරොන්දුව යතාර්ථයක් කරමින් අනුව, පාරිභෝගිකයින්ට උසස් ජීවන රටාවක් උරුම කර දීමට අප කැපවී සිටිනවා.”

තවද, NovaNest Properties (Pvt) Ltd සමාගමේ සන්නාම සහ සන්නිවේදන ප්‍රධානී තිළිණ මාගල්ල මහතා ද මේ පිළිබඳව සිය අදහස් පවසා සිටියේය. “වර්තමානයේ නේවාසික ව්‍යාපෘතියක් දියත් කිරීම කියන්නේ හුදෙක් ගොඩනැඟිලි ඉදිකිරීමක් පමණක් නෙවෙයි, එය පාරිභෝගිකයාට ව්‍යාපෘතිය පිළිබඳව නිවැරදි හා පැහැදිලි චිත්‍රයක් ලබාදීමක් ද වෙනවා. Rainbow Apartments හරහා අපගේ ප්‍රධාන අවධානය යොමු වුණේ විභව ගැනුම්කරුවන් (Prospective buyers) වෙත මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ආකාරයේ සිට, ඔවුන්ගේ ප්‍රවේශවීමේ පහසුව, සුවපහසුව මෙන්ම දිගුකාලීන වටිනාකම පිළිබඳ අපේක්ෂාවන් සමඟ එය බද්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මෙම ව්‍යාපෘතිය ආශ්‍රිත සන්නිවේදනය හරහා ඉස්මතු වන්නේ ද මිනිසුන් තමන්ගේම නිවසක් තෝරාගැනීමේදී සිදුවන මෙම නිර්ණායකයන්ගේ වෙනස් වීමයි.”

එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගුණාත්මක ඉදිකිරීම් මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සැලසුම්කරණය ඔස්සේ විශිෂ්ට නේවාසික ප්‍රජාවන් බිහිකිරීම සමාගමේ පුළුල් දැක්ම බවයි. එමගින් ශ්‍රී ලංකාවේ නාගරික භූ දර්ශනයේ අඛණ්ඩ සංවර්ධනය උදෙසා සක්‍රීය දායකත්වයක් සැපයීමට ද NovaNest Properties සමාගම අපේක්ෂා කරනු ලබයි.

ගුණාත්මක ඉදිකිරීම් සහ පාරිභෝගික කේන්ද්‍රීය සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ නාගරික දේපළ වෙළෙඳපොළේ ප්‍රගමනයට දායක වීම නෝවානෙස්ට් ප්‍රොපටීස් සමාගමේ මූලික අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින් දියත් වූ ‘Rainbow Apartments’, සමාගමේ ඉදිරි ගමනේ තවත් සාර්ථක පියවරක් ලෙස සනිටුහන් වෙයි.