𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මැක්සිස් වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

“MAXXIS ශූරයන්ගේ ශූරයන් 2025″ යන තේමාව යටතේ MAXXIS වාර්ෂික සම්මාන රාත්‍රිය 2026 ඔක්තෝබර් 23 වන දින සවස 7:00 ට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ෂැංග්‍රි-ලා – බෝල්රූම් හිදී පැවැත්විණි. මැක්සිස් තායිවාන් ජාත්‍යන්තරයේ අංශ කළමනාකරු කෙනී මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

එසේම ගෞරවනීය අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ජාත්‍යන්තරයේ වෙළෙඳ විධායක ජිමී මහතා සහභාගී විය.

ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා, සමූහ අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා මහතා, අධ්‍යක්ෂිකා කාන්ති තලගල මහත්මිය සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස් මහතා විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් පසු සම්මාන උළෙල ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට MAXXIS අලෙවිකරුවන් 200 ක් පමණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූ අතර, සම්මාන ප්‍රදානය සඳහා MAXXIS අලෙවිකරුවන් 60 දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී. 2025 වසරේ ජයග්‍රාහකයා වූ කොළඹ 14 හි විජය මෝටර්ස් සහ ටයර් හවුස් (පුද්ගලික) සමාගමෙ කළමනාකාර අධ්‍යක්ෂ සජිත් සංකලන මහතාහට : මැක්සිස් තායිවාන් ජාත්‍යන්තරයේ අංශ කළමනාකරු කෙනී මහතා, ටයර් හවුස් සමූහයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා සමඟ එක්ව  කුසලානය පිරිනමන ලදී.

දෙවන ස්ථානය සඳහා කුසලානය කොළඹ 02 හි U&H වීල්ස් සර්විස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත පෙරේරා මහතා විසින් ලබා ගන්නා ලදී. තෙවන ස්ථානය සඳහා කුසලානය කැලණිය මවුන්ට් වීල් ටයර් සෙන්ටර් දුලන්ජන් පෙරේරා මහතා වෙත පිරිනමන ලදී.