𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අලුත් සතියක ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පසුබසී

පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් ඊයේ(19) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,059.42ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 5,700.75ක් ලෙසත් වාර්තා වුණි.

මේ අතර ආයෝජකයින්ගේ සක්‍රීය දායකත්වයක් ඊයේ දින කොටස් වෙළෙඳපොළෙන් දක්නට නොලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් දෛනික පිරිවැටුම රු. මිලියන 680ක් දක්වා පහළ ගොස් තිබුණි.

අද දෙරණ