ස්ටෙෆන් ද අල්විස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී ව්‍යවසායකත්ව පෝඩ්කාස්ට් වැඩසටහන ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් 3i Forum හිදී දියත් කරයි

සජීවී ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සජීවීව පටිගත කෙරෙන පළමු පෝඩ්කාස්ට් (Podcast) වැඩසටහන වන ‘The 3i Forum’, මෙරට ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, සිසුන්, තරුණ වෘත්තිකයන් සහ ව්‍යාපාරික නායකයන් එකම ස්ථානයකට ගෙන එමින්, එකිනෙකා හා සම්බන්ධ වීමට, ඉගෙන ගැනීමට සහ ව්‍යාපාර ගොඩනඟමින් ඉදිරියට යාමට මඟ පාදයි.
ස්ටෙෆාන් ද අල්විස්ගේ නිර්මාණයක් සහ මෙහෙයවීමක් වන ‘The 3i Forum’, ‘The 3i Show’ හි ඉදිරි පියවරක් ලෙස සජීවී සහ අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් ලෙස ඉදිරිපත් කෙරේ. මෙහිදී ප්‍රේක්ෂකයින්ට සාර්ථක ව්‍යවසායකයන් සමඟ කෙරෙන සංවාදවලට සවන්දීමට, ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට සහ ව්‍යාපාර ගොඩනැගීමට උනන්දුවක් දක්වන අනෙකුත් පිරිස් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අවස්ථාව හිමිවේ.
සම්බන්ධ වීම, ඉගෙන ගැනීම, ගොඩනැගීම සහ වර්ධනය වීම යන ප්‍රධාන තේමාවන් හතර පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම සැමට පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම සහ සාර්ථකව ව්‍යාපාර ගොඩනඟා ඇති පුද්ගලයන් සමඟ ඍජුවම සම්බන්ධ වීමට අවස්ථාව සැලසීමයි.
දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරයට පා තැබූ ප්‍රකට ශ්‍රී ලාංකේය ඇඟලුම් සන්නාමයක් වන Moose Clothing හි නිර්මාතෘ හස්බි ඕමාර්, මෙහි පළමු සංවාදය සඳහා එක්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය සන්නාමයක් ජාත්‍යන්තරයට ගෙන යාමේ ගමන් මඟ, මුහුණ දුන් අභියෝග සහ ලැබූ අත්දැකීම් පිළිබඳව මෙම සංවාදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ පිළිබඳව අදහස් දක්වමින් The 3i Forum හි නිර්මාතෘ සහ නිවේදක ස්ටෙෆාන් ද අල්විස් මෙසේ පැවසීය. “රටක ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් ව්‍යවසායකත්වය අත්‍යවශ්‍යයි. මෙම වැඩසටහනේ සමස්ත අරමුණ වන්නේ රටට යහපත් බලපෑමක් ඇති කිරීමයි. ජනතාවට ව්‍යවසායකයන් හමුවීමට, ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට සහ තමන්ගේම කියා යමක් ගොඩනැගීම සැබවින්ම කළ හැක්කක් බව වටහා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී සිදුවෙනවා.”
නව රැකියා උත්පාදනය, නව කර්මාන්ත බිහිවීම සහ ආර්ථික වර්ධනය උදෙසා ව්‍යවසායකත්වය ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස ඉදිරියට ගෙන යාම මෙම වැඩසටහනේ පුළුල් අරමුණයි. දේශීය ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කිරීම සහ දේශීය ව්‍යාපාරවල දායකත්වය පුළුල් කිරීම පිළිබඳව ජාතික මට්ටමේ කතිකාවතක් නිර්මාණය වී ඇති මොහොතක මෙම පියවර තැබීම සුවිශේෂී වේ. පසුගිය මාර්තු මාසයේ පැවැති ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) වාර්ෂික මහා සභා රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආර්ථික පුරෝගාමීත්වය උදෙසා ව්‍යවසායකයන්ගේ දායකත්වය අතිශය වැදගත් බවත්, මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට ව්‍යාපාරික ප්‍රජාව දායක විය යුතු බවත්ය. එමෙන්ම දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් දේශීය ව්‍යාපාර සඳහා වැඩි අවස්ථාවන් ලබා දීම රජයේ ප්‍රධාන අරමුණ විය යුතු බව ද ඔහු අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළේය.
මෙම පසුබිම තුළ, The 3i Forum හි අරමුණ වන්නේ නවක ව්‍යවසායකයන්ට සාර්ථක ව්‍යාපාරිකයන්ගෙන් ඍජුවම ඉගෙන ගැනීමටත්, නව සබඳතා ගොඩනඟා ගනිමින් සිය අදහස් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය විශ්වාසය ලබා ගැනීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ප්‍රජාව ශක්තිමත් කරමින් නව ව්‍යාපාර, රැකියා සහ ආර්ථික අවස්ථාවන් බිහි කිරීම අපේක්ෂා කෙරේ.
මීට පෙර Tea Drops හි සශී චන්ද්‍රන්, Velona Group හි ආචාර්ය ගෙහාන් ද සොයිසා සහ Priceline.com හා Booking.com හි සම නිර්මාතෘ ජෙෆ් හොෆ්මන් වැනි දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික නායකයන් රැසක් සම්බන්ධ කරගත් ‘The 3i Show’ හි පුළුල් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන මේ වන විට රටවල් 24ක ප්‍රේක්ෂකයින් වෙත ළඟා වී ඇති අතර, එහි නවතම ප්‍රේක්ෂක සහ ඩිජිටල් මාධ්‍ය දත්ත ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ස්ටෙෆාන්ට අනුව මෙම වැඩසටහන, ව්‍යවසායකත්වය උදෙසා වඩාත් පුළුල් වේදිකාවක් ගොඩනැගීමේ ඊළඟ පියවරයි. දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික නායකයන් එකමුතු කරමින් ඉගෙනීමට, සම්බන්ධතාවලට සහ සහයෝගීතාවට වැඩි අවස්ථාවන් ලබා දෙන ‘3i Symposium’ දක්වා මෙම වැඩසටහන වර්ධනය කිරීම ඔහුගේ ඉලක්කයයි. මෙම සංකල්පය සරල අදහසක් මත පදනම් වේ. එනම්, දියෙන් ගොඩගත් මත්ස්‍යයෙකුට පැවැත්මක් නැති නමුත්, නිවැරදි පරිසරය ලැබුණු විට උන්ට සාර්ථක විය හැක. යමක් ගොඩනැගීමට කැමැත්තක් දක්වන පිරිස වෙනුවෙන් එවැනි නිවැරදි පරිසරයක් නිර්මාණය කිරීම The 3i Forum හි අපේක්ෂාවයි.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන ප්‍රථම The 3i Forum හි නිල හවුල්කරුවන් ලෙස Digital 365 Holdings, Colombo Hilton සහ Hands International Group කටයුතු කරයි. ලියාපදිංචි වීම සහ සහභාගී වීම පිළිබඳ වැඩිදුර තොරතුරු The 3i Show සහ The 3i Forum හි නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ ඉදිරියේදී ලබාගත හැක.
වැඩිදුර තොරතුරු සඳහා www.stefandealwis.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් The 3i Show නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසෙන්න.
The 3i Forum යනු “මම කොහොමද පටන් ගන්නේ?” යන ඊළඟ ප්රශ්නය, අලුත් ආරම්භයක පදනම බවට පත්කරන ස්ථානයයි.
අවසන්




