𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ටොයොටා LiteAce: ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයේ මීළඟ පියවරට රැගෙන යන විශ්වාසනීය සහකරු

දිනපතා භාණ්ඩ තොග ප්‍රවාහනය කරන ව්‍යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය එම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසකි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ ව්‍යාපාර සඳහා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහන සහකරුවෙකු ලෙසිනි.
LiteAce නිර්මාණය වී ඇත්තේ සරල සංකල්පයක් පදනම් කරගෙන ය. එනම් වාණිජ වාහනයක් යනු එම වාහනය මත පදනම් වන ව්‍යාපාරය තරම්ම වෙහෙස මහන්සි වී වැඩ කරන එකක් විය යුතුය යන්නයි. ටොන් එකක දක්වා පහසුවෙන් පැටවුම් දාරිතාවක් යුත් LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය, දෛනික ව්‍යාපාර කටයුතු වලද සැලකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන ව්‍යාපාර සඳහාම විශේෂයෙන් සකසා ඇත.
ලීටර් 1.5 පෙට්‍රල් එන්ජිමකින් බලගැන්වෙන LiteAce රථ, විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවලට සරිලන පරිදි මාදිලි දෙකකින් ලබා ගත හැකිය. Open cargo platform එකකින් සහ Manual transmission එකකින් සමන්විත LiteAce Truck රථය, පහසුවෙන් පාලනය කළ හැකි බැවින් විවිධාකාරයේ භාණ්ඩ හා උපකරණ ප්‍රවාහනය කිරීම සඳහාම යෝග්‍ය වේ. මීට අමතරව, පැති තුනෙන්ම විවෘත කළ හැකි එහි පසුපස දොරටු, භාණ්ඩ පැටවීමේදී සහ බෑමේදී වැඩි පහසුවක් එක් කරයි. එමෙන්ම, Enclosed cargo space එකකින් සහ Automatic transmission එකකින් සමන්විත LiteAce Panel Van රථය, නිතර භාණ්ඩ බෙදාහැරීම් සිදුකරන ව්‍යාපාර සඳහා සුමට සහ පහසු ධාවන අත්දැකීමක් ලබා දෙයි. මෙම මාදිලි දෙකම Power steering, ABS සහ Dual SRS airbags වලින් සමන්විත වන බැවින්, රියදුරන්ට වැඩි සපසුවක් සහ ආරක්ෂාවක් ලබා දෙන අතර දෛනික ධාවනයේදී ඇතිවන විඩාව අවම කිරීමට ද උපකාරී වේ.
එදිනෙදා ලබා දෙන වටිනාකමට අමතරව, Toyota LiteAce යනු ටොයොටා සමාගමේ උසස් ප්‍රමිතිය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව (QDRS) යන සංකල්පයන් මත නිර්මාණය වූ දීර්ඝකාලීන ව්‍යාපාරික ආයෝජනයකි. එහි පවතින ටොයොටා විශ්වාසනීයත්වය සහ වසර ගණනාවක් පුරා නැවත අලෙවි වටිනාකම ඉහළින්ම පවත්වා ගැනීමේ හැකියාව සහ විශ්වාසදායක ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වන ව්‍යාපාර සඳහා LiteAce රථ මනා වත්කමක් බවට පත් කරයි.
ශ්‍රී ලංකාව තුළ ටොයොටා ලංකා සමාගම සතු වසර 30කට වැඩි ක්ෂේත්‍ර අත්දැකීම් සමඟින්, විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ජාලයක්, ජෙනුයින් අමතර කොටස්, පළපුරුදු සහ පුහුණු තාක්ෂණික ශිල්පීන් සහ විශ්වාසදායක සේවා සහායක් ලබා ගැනීමට LiteAce හිමිකරුවන්ට අවස්ථාව හිමි වේ. ආරම්භයේ සිට මේ දක්වා සේවා වාර මිලියන 3කට වඩා සපයා ඇති ටොයොටා ලංකා සමාගමේ ගමන් මඟ, දිවයින පුරා සිටින පාරිභෝගිකයන් එම සන්නාමය කෙරෙහි තබා ඇති අසීමිත විශ්වාසය මනාව පිළිබිඹු කරයි.
පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethics) යන මූලධර්ම මත පදනම් වූ ‘Toyota LIFE’ සංකල්පය හරහා මෙම කැපවීම තවදුරටත් ශක්තිමත් වන අතර, එමඟින් පාරිභෝගිකයන් සමඟ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට ටොයොටා ලංකා දක්වන කැපවීම පෙන්නුම් කරයි.

මෙම රථ වැඩිදුර තොරතුරු සඳහා 0777 939 008 අංකයෙන් ටොයොටා ලංකා සමාගම අමතන්න, නැතහොත් ඔබගේ ළඟම පිහිටි ටොයොටා ලංකා ප්‍රදර්ශනාගාරය වෙත පිවිසෙන්න.