𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඩොලරය තවත් ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු. 327.90ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.48 සිට රු. 336.92ක් දක්වා ත් ඉහළ ගොස් ඇත.

අද (17) දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය රු. 331.89ක් ලෙසින් සටහන්ව ඇති අතර ඊයේ (16) දිනයේ දී මෙම අගය රු. 330.17ක් ලෙසින් වාර්තා වී තිබුණි.

උපුටා ගැනීම : අද දෙරණ