𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොටස් වෙළෙඳපොළේ අද පිරිවැටුම බිලියනයට වඩා අඩුවෙයි

යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය.

ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින නොහැකි වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එම අගය රු. මිලියන 972ක් ලෙසින් වාර්තා වී තිබුණි.

මේ අතර මිල දර්ශකවල ද පහළ යාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.23කින් සහ S&P SL20 දර්ශකය ඒකක 20.65කින් පහළ ගොස් පිළිවෙලින් ඒකක 21,466.00 ක් සහ ඒකක 6,033.87ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා විය.

උපුටාගැනීම : අද දෙරණ