ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර රටවල් 64 ක වෙළඳපොළ වෙත එක්වර පිවිසෙන XPENG L03 ගෝලීය මෝටර් රථ ක්ෂේත්රයේ නව වාර්තාවක් පිහිටුවයි
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් විද්‍යුත් මෝටර් රථ මාදිලිය ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන යයි.

ආරම්භයේ සිටම ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගනිමින් නිපදවන ලද XPENG L03 එළිදැක්වීම මඟින් XPENG හි ගෝලීය ව්‍යාප්තිය තහවුරු කරයි. ලොව ප්රමුඛ පෙළේ මෝටර් රථ වෙළඳපොළ තුළ දැකිය හැකි උසස්ම විද්‍යුත් ගමනාගමන අත්දැකීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ද ලබා දෙමින්, XPENG L03 රථය ස්මාර්ට් තාක්ෂණය, ඉහළම සුවපහසුව, අති නවීන ආරක්ෂාව සහ විශිෂ්ට විදුලිබල ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ කරමින් නිර්මාණය කර ඇත.
Evolution Auto සමාගම හි අලෙවි ප්‍රධානි අශාන් වික්‍රමසිංහ මහතා, “XPENG L03 මෙරටට පැමිණීම ශ්‍රී ලංකාවේ විද්‍යුත් මෝටර් රථ භාවිතයේ ඉතිහාසයට වැදගත් සංධිස්ථානයක් තහවුරු කරනවා. Evolution Auto හි අපගේ අරමුණ වන්නේ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ තාක්ෂණය මඟින් නව සලකුණු තබන ලොව පිළිගත් EV සන්නාමයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. ජාත්‍යන්තර වෙළඳපොළේ අනාගතය වෙනස් කරමින් පවතින ගෝලීය මට්ටමේ ස්මාර්ට් EV තාක්ෂණය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබා දීමෙන් එම කැපවීම තහවුරු වේ. XPENG L03 ඔස්සේ අපි රුපියල් මිලියන 20 ට අඩු මිල කාණ්ඩයේ අපගේ පළමු මාදිලිය ද හඳුන්වා දෙන අතර, එමගින් Evolution Auto හි උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් විශාල පිරිසකට වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා ” ලෙස අදහස් දැක්වීය.
Ferrari, Lamborghini, Audi, Genesis සහ SEAT වැනි ප්රමුඛ පෙළේ මෝටර් රථ නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය මෝටර් රථ නිර්මාණ ශිල්පී ජුවාන්මා ලෝපෙස් ගේ මගපෙන්වීම යටතේ XPENG L03 නිර්මාණය කර ඇත. ඔහුගේ දීර්ඝ කාලීන නිර්මාණශීලී අත්දැකීම් මෙම රථයේ ඇති ක්‍රීඩාශීලී පෙනුම, ස්වරූපය, ආකර්ෂණීය Coupe SUV හැඩය සහ 0.228 Cd වැනි ඉතා අඩු වායු ප්‍රතිරෝධයක් සහිත වායුගතික සැලසුමෙන් මනාව පිළිඹිබු වේ.
එක්වරක් charge කරගත් විට කිලෝමීටර් 600 ක් (NEDC) දක්වා ගමන් කිරීමේ හැකියාව, 264 Nm ක උපරිම බලයක් (torque) සහ පැයට කිලෝමීටර් 180 ක උපරිම වේගයක් සහිත අතිනවීන විදුලි බල පද්ධතියකින් XPENG L03 සමන්විත වේ. තවද මීටර් 10.5 ක් වැනි කුඩා හැරවුම් වට ප්‍රමාණයක් ඇති නිසා පහසුවෙන් හසුරුවිය හැකි මෙම රථය, ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතරම සිත්ගන්නාසුලු ධාවන අත්දැකීමක් තහවුරු වන පරිදි ඉංජිනේරුමය වශයෙන් සැලසුම් කර ඇත.
XPENG L03 හි ඇතුළත සැලසුම අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත. එහි අඟල් 15.6 ක ස්මාර්ට් touchscreen එකක් සහ අඟල් 26.8 ක Head-Up Display එකක් ඇතුළත් වේ. මීට අමතරව XPILOT ස්මාර්ට් රියදුරු සහායක පද්ධතිය, adaptive cruise control, lane centring control, ස්වයං වාහන නැවැත්වීමේ සහායක පද්ධතිය, අංශක 360 කැමරා පද්ධතිය, ස්මාර්ට් හඬ පාලනය සහ රථයේ මෘදුකාංග නිරන්තරයෙන් යාවත්කාලීනව තබන over-the-air (OTA) මෘදුකාංග යාවත්කාලීන කිරීමේ පහසුකම් වලින් ද මෙය සමන්විත වේ.
මෙහි ඇති පැනොරාමික් Starship වීදුරු වහලය, රත් කළ හැකි සහ සිසිල් කළ හැකි මතක පහසුකම් සහිත ඉදිරිපස අසුන්, වර්ණ 256 කින් යුත් පරිසර ආලෝකකරණය, 9 – speaker X -OPERA ශබ්ද පද්ධතිය සහ එදිනෙදා භාවිතයේ පහසුව සඳහා 40:20:40 අනුපාතයට වෙන වෙනම නැමිය හැකි පසුපස අසුන් පද්ධතිය මගින් රථයේ ඇති ඉහළ අභ්‍යන්තර සුවපහසුව තවදුරටත් වර්ධනය කරයි.
XPENG L03 රථය හි මූලික අවධානය යොමු කර ඇත්තේ ප්‍රවාහන ආරක්ෂාවටයි. මෙම රථය C-NCAP, Euro NCAP සහ ANCAP හි ඉහළම ආරක්ෂිත ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව five – star ආරක්ෂිත සහතික කිරීම් දෙකකින් සමන්විත වේ. තවද, air-bag 7 ක්, අධික ශක්තිමත්භාවයකින් යුත් බාහිර ව්‍යුහය, රියදුරුගේ අවධානය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය, ඉදිරිපස අනතුරු වළක්වන පද්ධති, blind spot හඳුනාගැනීම සහ මංතීරුව පවත්වා ගැනීමේ සහායක පද්ධතියක් මීට ඇතුළත් වේ.
අති නවීන මෘදුකාංග, ස්මාර්ට් රියදුරු තාක්ෂණයන් සහ නවෝත්පාදක ඉංජිනේරු විද්‍යාව භාවිත කිරීම හේතුවෙන් XPENG හි මෝටර් රථ සඳහා වන පිළිගැනීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් EV නිෂ්පාදකයෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට සමාගම සමත්ව ඇත. මාස 22 ක් වැනි කෙටි කාලයක් තුළ චීනය තුළ පමණක් ඒකක 280,000 කට වඩා අලෙවි වූ MONA M03 මාදිලිය ලැබූ පෙර විශිෂ්ට සාර්ථකත්වය මගින්, XPENG හි ස්මාර්ට් විද්‍යුත් ගමනාගමන පද්ධතිය කෙරෙහි ලොව පුරා ඇති ගෝලීය විශ්වාසය තහවුරු කරයි.
XPENG L03 මෝටර් රථය ළඟදීම දිවයින පුරා පිහිටි Evolution Auto ප්රදර්ශනාගාරවල දී නැරඹීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනු ඇත. මෙම නවතම ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය වෙනුවෙන් පූර්ව ඇණවුම් (pre-orders) වෙන්කරවා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට දැන් හිමි වේ.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.xpeng.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැතහොත් 0777 553 355 දුරකථන අංකය අමතන්න.
END





