ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් තවදුරටත් අද (05) උදෑසන වන විට ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ (04) දිනයේ දී රු. 330.10ක් සහ රු. 340.25ක් ලෙසින් වාර්තා වී තිබුණු එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (05) වන විට පිළිවෙලින් රු. 332.27ක් සහ රු. 342.00ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම : අද දෙරණ



