𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව 7.75%ක් ලෙස පැවති එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යනු ඇත.

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට පදනම් අංක ± 50ක ආන්තිකයකින් සම්බන්ධ කර ඇති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.25% සහ 9.25% දක්වා ඒ අනුව  වැඩි වනු ඇත.

වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන් සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

උපුටා ගැනීම : අද දෙරණ