𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් BAIC X55 රථ පෙළක් Chevron Lubricants මිලදී ගනී

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV  රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ජාත්‍යන්තරව පිළිගත් SUV රථ සන්නාමයන් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් සහ ආයතනික පාරිභෝගිකයින්ට විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් ලබා දීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මේ ඔස්සේ කටයුතු කර ඇත.

මෙම SUV රථ භාරදීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් නිලධාරීන් මෙන්ම චීනයේ BAIC මව් සමාගමේ නියෝජිතයින්ද සහභාගී වූ අතර එය දේශීය බෙදාහරින්නා සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයා අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මැනවින් විදහා දැක්වීය. ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ විකාශනය වන අවශ්‍යතාවලට ගැළපෙන ලෝක මට්ටමේ ප්‍රවාහන විසඳුම් සැපයීම සඳහා වූ ඔවුන්ගේ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු විය. නවීන සැලසුම්, උසස් තාක්ෂණය සහ විශ්වාසනීය කාර්යසාධනයක් සහිත ප්‍රීමියම් SUV රථයක් වන BAIC X55 කෙරෙහි මෙරට ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සතු විශ්වාසය වර්ධනය වීම මෙහි ඇති සුවිශේෂී කරුණකි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එම සමූහයේ රෝද හතරේ වාහන අලෙවිය සඳහාම වෙන්වූ අංශය වේ. ගෝලීය වශයෙන් කීර්තිමත් වාහන සන්නාම මෙරටට හඳුන්වා දීමට කැපවී සිටින ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව තුළින් ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රයේ නව යුගයක් කරා ගමන් කරමින් සිටියි.

වැඩි විස්තර 0114 700 678 දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.baicsrilanka.com  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.