𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Evolution Auto විසින් නවතම XPENG G6 රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විද්‍යුත් රථ (EV) වෙළඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්‍රී ලංකාවට  නිල වශයෙන් හඳුන්වා දීමට සූදානමින් සිටියි. මැයි මස 15 වන දා, බම්බලපිටිය XPENG මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්වීමට නියමිත මෙම නිල උත්සවය, මෙරට දැකිය හැකි වඩාත්ම ස්මාර්ට් හා ආකර්ශනීය විද්‍යුත් රථය එළි දැක්වීමේ අවස්ථාව බවට පත් වනු ඇත.

XPENG G6 යනු ගෝලීය වශයෙන් Tesla Model Y හා සෘජුවම තරඟ කරන රථයකි.   දියුණු තාක්ෂණය, නවීන නිර්මාණය, හා උසස් සුඛෝපභෝගී අත්දැකීම එකට එක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් විද්‍යුත් වාහන වෙළඳපොළට නව මුහුණුවරක් ලබා දීමට XPENG G6 සූදානම් ය. මෙම හඳුන්වාදීම මඟින් දේශීය වාහන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් පෙන්වා දෙයි. එහි දී  සම්පූර්ණ අලෙවිය, සේවා සහ අලෙවියෙන් පසු සේවා සහාය සමඟ ලෝක මට්ටමේ විද්‍යුත් වාහන වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

Evolution Auto වෙතින් XPENG ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීම, හුදෙක් තවත් එක් වාහන මාදිලියක් හඳුන්වාදීමක් පමණක් නොවේ. මෙය වේගයෙන් ලෝකය පුරා වර්ධනය වන, උසස් තාක්ෂණයෙන් සමන්විත ජාත්‍යන්තර වාහන සන්නාමයක් හඳුන්වාදීමකි. මෙහිදී ස්මාර්ට් පද්ධති, ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය සහ කෘතිම බුද්ධිය දිනපතා ධාවනයට එක් කර ඇත. G6 මාදිලිය මෙම දැක්ම නිරූපණය කරමින්, කාර්ය සාධනය සහ උසස් තාක්ෂණය අතර එකතුවක් ලබා දෙයි.

මේ වාහනයේ විශේෂ ලක්ෂණ අතර, එක් වරක්charge කරගත් විට (WLTP අනුව) කිලෝමීටර් 480 දක්වා ධාවනය කළ හැකි වීමත්, XPILOT හරහා Level 2 ස්වයං ධාවන පහසුකම් තිබීමත් ඇතුළත් වේ. එසේම අඟල් 15.6ක විශාල touch screen එකක් සහ වාහනය තුළ ගමන් අත්දැකීම තවත් උසස් කිරීමට උපකාරී වන  18-speaker X-opera ශබ්ද පද්ධතියක් ද ඇත.

මේ වාහනයේ තවත් ප්‍රායෝගික පහසුකම් කිහිපයක් ද තිබේ. ලීටර් 570ක විශාල බූට් එකක් (භාණ්ඩ ඇසිරීමේ ඉඩ), ඇතුළත මෘදු ආලෝක පද්ධතියක් (ambient lighting), ඉදිරි ආසනවල වාතාශ්‍රය (ventilation) සහ සුවපහසුව පවතියි.

එසේම mobile app එකක් හරහා වාහනය දුරස්ථව පාලනය කළ හැක. එනම් මෙමඟින් දුරස්ථව වාහනය පාක් කිරීම, charge කිරීම සඳහා වේලාව සකස් කිරීම, වාහනයේ ඇතුළත උෂ්ණත්වය දුරස්ථව පාලනය කිරීම සඳහා  සහ digital key බෙදා ගැනීම වැනි පහසුකම් ලබාගත හැක. මේ සියල්ල නිසා G6 මාදිලිය තාක්ෂණිකව උසස් වාහනයක් පමණක් නොව, නවීන ජීවන රටාවට හොඳින් ගැළපෙන වාහනයක් බවට පත්වේ.

XPENG යනු මෝටර් රථ වාහන නිෂ්පාදකයෙකු පමණක් නොව, අනාගත ගමනාගමනය වෙනස් කිරීමට උත්සාහ කරන තාක්ෂණික නවෝත්පාදකයෙකි. මෙම සමාගම P7+ sedan, G9 SUV සහ X9 MPV වැනි smart විද්‍යුත් වාහන ද,   මිනිස් රූපයට සමාන Xpeng Iron රොබෝ සහ පියාසර කරන වාහන (AEROHT flying car) වැනි අනාගත තාක්ෂණයන් දියුණු කරමින් සිටියි. මේ සියල්ලෙන් පෙනී යන්නේ XPENG යනු මිනිසුන් ගමනාගමනය කරන ආකාරය සහ තාක්ෂණය භාවිතා කරන ආකාරය අලුත් කිරීමට දිගුකාලීන සැලැස්මක් ඇති සමාගමක් බවයි.

Evolution Auto හි අලෙවි ප්‍රධානී අශාන් ව්ක්‍රමසිංහ මහතා, “ශ්‍රී ලංකාවේ ප්‍රිමියම් විද්‍යුත් වාහන වෙළඳපොළ නව මානයක් කරා ගෙන යාමට XPENG G6 හඳුන්වා දීම පිළිබඳව අපි සතුටු වෙනවා.  XPENG G6 යනු වාහනයක් පමණක් නොව, තාක්ෂණය, පරිසර හිතකාමී බව සහ නවෝත්පාදනය අපගේ දෛනික ජීවිතයට එක්වන ආකාරය නිරූපණය කරන සංකේතයක්. මෙය විද්‍යුත් ගමනාගමනයේ නව යුගයක ආරම්භයක් සනිටුහන් කරන අතර,  උසස් පාරිභෝගික අත්දැකීමක්   සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවන් ලබා දීම සඳහා Evolution Auto සමාගම  කැපවීමෙන් කටයුතු කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

XPENG G6 හඳුන්වාදීමෙන් උසස් මට්ටමේ වාහන මිල දී ගන්නා පාරිභෝගිකයන්, විද්‍යුත් වාහන පිළිබඳ උනන්දුවක් දක්වන අය සහ තාක්ෂණය ගැන දැනුවත් වෘත්තිකයන් අතර විශාල උනන්දුවක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය දේශීය විශේෂඥතාව සහ ජාත්‍යන්තර විශ්වාසය එකට එක් කරමින් නව ගෝලීය විද්‍යුත් සන්නාම සඳහා ඇති විශ්වාසය ඔප් නැංවීමට සහය වේ.

මැයි 15 දින පැවැත්වෙන මෙම විශේෂ එළි දැක්වීමේ උත්සවය වෙත සහභාගී වීම සඳහා  Evolution Auto ආරාධනා කරයි. සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ලියාපදිංචි වීම සඳහා +94 74 411 2132 අංකය (රනිල්) අමතන්න, හෝ www.xpeng.lk. වෙබ් අඩවියට පිවිසෙන්න.