𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මෙරට මුද්‍රණ විසඳුම් ක්ෂේත්‍රය නව මාවතකට රැගෙන යමින් IT Gallery විසින් ‘PANTUM  Partner Summit 2026’ සංවිධානය කරයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් සංවිධානය කරන ලද ‘PANTUM Partner Summit 2026’ පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ‘අඛණ්ඩ නවෝත්පාදනය’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු මෙම සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාව තුළ වසර 14ක දිගු කාල පරිච්ඡේදයක් පුරා PANTUM සන්නාමය පැමිණි සාර්ථක ගමන්මග සනිටුහන් කළේය. මෙම සුවිශේෂී අවස්ථාවේදී PANTUM හි නවතම මුද්‍රණ යන්ත්‍ර පෙළ වන Smart Classic Series, BM2300 (Mono Laser Multifunction), BP2300 (Mono Laser), CP2100 (Colour Laser Single Function) සහ CM2100 (Colour Laser Multifunction) යන මාදිලි නිල වශයෙන් මෙරට වෙළෙඳපල වෙත හඳුන්වා දෙන ලදි.

ව්‍යාපාරික ආයතනවල මෙන්ම පෞද්ගලික පරිශීලකයන්ගේ ද දිනෙන් දින වෙනස් වන මුද්‍රණ අවශ්‍යතා සපුරාලීම සඳහාම මෙම නව මුද්‍රණ යන්ත්‍ර පෙළ විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙහි දී කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ පිරිවැය අවම කිරීම යන සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ශ්‍රී ලාංකීය වෙළෙඳපලට ගැළපෙන උසස් ප්‍රමිතියෙන් යුතු මුද්‍රණ විසඳුම් ලබාදීමට PANTUM සතු කැපවීම මෙමගින් මනා සේ ඉස්මතු වේ.

මෙම සමුළුව ආමන්ත්‍රණය කරමින්  IT Gallery Computers (Pvt) Ltd හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “පසුගිය වසර 14 පුරා PANTUM සමඟ  අප පැමිණි ගමන් මග ගොඩනැගී තිබුණේ සවිමත් සබඳතා සහ විශිෂ්ටත්වය සැපයීමේ පොදු අරමුණ මුල් කරගනිමින්.  මෙම සමුළුව අපගේ සාර්ථකත්වය සැමරීමක් පමණක් නොව,මේ ඔස්සේ පිළිබිඹු වන්නේ අපගේ හවුල්කරුවන් අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසයයි. අනාගතයේ දී ද නවෝත්පාදන විසඳුම් හඳුන්වා දෙමින් අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරික හවුල්කරුවන්ට උපරිම වටිනාකමක් ලබා දීමට අපි සූදානම්.”

තවද, PANTUM සන්නාමය දිවයින පුරා ප්‍රචලිත කිරීම කෙරෙහි සුවිශේෂී දායකත්වයක් සහ ඉහළම දක්ෂතාවක් දැක්වූ  අලෙවි නියෝජිතයන් 20 දෙනා ඇගයීම මෙම  උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් විය.දීර්ඝ කාලීන සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත ගොඩනැඟුණු සාර්ථක්වය මෙම සම්මාන ප්‍රදානය ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය විය.

ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සන්නාමයන් මෙරට තුළ බෙදාහැරීම පිළිබඳ දිගුකාලීන අත්දැකීමක් සහ 150කට අධික සවිමත් අලෙවි නියෝජිත ජාලයකින් සමන්විත IT Gallery Computers ආයතනය මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.  PANTUM Partner Summit 2026 ඔස්සේ ද සිය හවුල්කරුවන් සවිබල ගන්වමින්, විශ්වාසනීය බෙදාහරින්නෙකු ලෙස සිය අනන්‍යතාවය තවදුරටත් තහවුරු කිරීමට එම ආයතනය සමත් විය.

අනාගතයේදී  සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරමින්, ශ්‍රී ලංකාවේ මුද්‍රණ තාක්ෂණික ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට IT Gallery සහ PANTUM ආයතන අපේක්ෂා කරයි.