𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේදී හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සම්මාන 15ක් දිනා ගනී

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands – HCB) සමාගම 2026 SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේදී FMCG Cosmetics & Other category යටතේ විශිෂ්ට සම්මාන 15ක් දිනා ගැනීමට සමත් වී ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා තහවුරු වන්නේ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් යනු පුද්ගලයින්, කාර්යසාධනය සහ වෘත්තීය විශිෂ්ටත්වය තම ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරගත් ආයතනයක් බවයි.

මෙම සම්මාන අතරට රන් සම්මාන 2ක්, රිදී සම්මාන 2ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන 4ක් ඇතුළත් වේ. සාමාන්‍ය වෙළඳාම, නවීන වෙළඳාම, පාරිභෝගික අලෙවිකරණය සහ අලෙවි සහය වැනි ප්‍රධාන අලෙවි අංශ රැසක් නියෝජනය කරමින් තම දක්ෂතා පෙන්වූ පුද්ගලයින්ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. මෙම පුළුල් පරාසයක ලැබුණු ඇගයීම් මඟින් පෙන්නුම් කෙරෙන්නේ හේමාස් අලෙවි කණ්ඩායමේ ඇති ශක්තිය සහ විවිධ අංශයන්හි දක්ෂතා දැක්වීමේ හැකියාවයි. ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ කැපවීම සමාගමේ අඛණ්ඩ වර්ධනයට මෙන්ම තරගකාරී වෙළඳපොළ තුළ සමාගමේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය මෙහෙයක් ඉටු කරයි.

අලෙවි වෘත්තියේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේදී, තම ක්ෂේත්‍රයන් තුළ සුවිශේෂී දක්ෂතා, කැපවීම සහ විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ පුද්ගලයන් උත්කර්ෂවත් ලෙස සම්මානයට පාත්‍ර කෙරේ. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමට මෙම ඇගයීම හුදෙක් තනි පුද්ගල ජයග්‍රහණ එකතුවකට වඩා බොහෝ සෙයින් වැදගත් වේ. එය අන්‍යෝන්‍ය සහයෝගීතාව, වගවීම සහ සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ සාමූහික කැපවීම මත ගොඩනැගුණු අලෙවි බලකායක සමස්ත ශක්තිය මනාව පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානතම ශක්තිය වන්නේ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් තම සේවකයන් දියුණු කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් සිදු කරන ආයෝජනයයි. තම දක්ෂතා ඔප්නංවා ගනිමින්, හැකියාවන් වර්ධනය කරගෙන උපරිම සාර්ථකත්වය කරා යාමට සෑම අයෙකුටම අවශ්‍ය හිතකර පරිසරයක් සමාගම තුළ ගොඩනඟා ඇත. විශිෂ්ට වැඩ සංස්කෘතියක් සහ වෘත්තීය දියුණුව නිරන්තරයෙන් දිරිගන්වමින්, වෙනස් වන වෙළඳපොළ අවශ්‍යතාවලට සාර්ථකව මුහුණ දිය හැකි, තිරසාර ව්‍යාපාරික ජයග්‍රහණ ගෙන දෙන ශක්තිමත් කණ්ඩායමක් බිහි කිරීමට සමාගම සැමවිටම කැපවී සිටියි.

මෙවර SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේදී සම්මාන 15ක් දිනා ගැනීම යනු හේමාස් අලෙවි අංශයේ අසීමිත කැපවීම සහ උද්‍යෝගය මනාව පිළිබිඹු කරන කදිම සාක්ෂියකි. එමෙන්ම, දිගුකාලීන ව්‍යාපාරික සාර්ථකත්වය ගොඩනැගෙන්නේ තම සන්නාම පිටුපස සිටින දක්ෂ මිනිසුන්ගේ ශක්තිය මත බවට වන සමාගමේ විශ්වාසය ද මෙයින් තවදුරටත් තහවුරු වේ. ඔවුන්ගේ දෛනික කැපවීම හරහා ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට සහ සමස්ත ආයතනයට නිරන්තරයෙන් ඉහළ වටිනාකමක් එක් කිරීමට ඔවුහු කටයුතු කරති.