𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්

පවත්නා  සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින්  දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක.

හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288 # අමතා හෝ හච් Self Care app හරහා දෛනිකව මෙම  රීලෝඩ් දීමනාව සක්‍රිය කළ හැකි අතර මෙහි අරමුණ වන්නේ ජංගම ශේෂය අවම  මට්ටමක පැවතියද සිය පාරිභෝගිකයින්ගේ හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා පහසුකම් සලසා දීමයි.

“මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන කොවිඩ් වසංගතයේ තෙවන රැල්ල සහ සංචරණ සීමා නිසා පාරිභෝගිකයින්ට තම ජංගම දුරකතන රීචාර්ජ් කර ගැනීමේ අසීරුතාවයක් පවතින බව අපට පෙනීගියා. අපගේ පාරිභෝගිකයින් මෙම අභියෝගයට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය නොවේ, එමනිසයි ඔවුන් උදෙසා ගියවර මෙන්ම මෙවරත් මෙම දීමනාව ලබාදීමට අපි කටයුතු කරේ. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජංගම ශේෂය අවම මට්ටමක පැවතියද හදිසි ඇමතුම් ලබා ගැනීමට මෙම රීලෝඩ් දීමනාව සහයක් වනු ඇත.” හච් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර ඉරංග අමන්දකොන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේය.

සමාජ වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු ලෙස, 2020 මාර්තු මාසයේදී කොවිඩ් 19 පළමු රැල්ල ආරම්භයේ සිට නොමිලේ රීලෝඩ් කිරීම වැනි  කොවිඩ් සහන ක්‍රියාමාර්ග රැසක හච් පෙරමුණ ගෙන සිටින අතර නිවසේ සිට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාගත හැකි සුවසරණ ටෙලිමෙඩිසින් සේවාවද  හච් සහ o-Doc එක්ව තම පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇත.