𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ – ආචාර්ය අනිල් ජයන්ත

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බවත්, මේ තත්ත්වය සමනය කරගනිමින් ස්ථාවරත්වයෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව පැහැදිලි කිරීම වෙනුවෙන් අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී “අද දෙරණ” කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ, විතරක් නෙවෙයි ස්ථාවරත්වයෙන් ආර්ථිකයේ මේ තත්ත්වය සමනය කරගෙන ඉදිරියට යනවා. එළියේ හිතන්නකෝ හෙට ලෝක යුද්ධයක් ඇති වුණොත් එහෙම, ලෝක යුද්ධයක් ඇති වෙලා කිසිදු දෙයක් ආනයනය කරන්න බැරුව යනවා. එතකොට අපිට විතරක් නෙවෙයි, ලෝකේ ඔක්කොටම ආර්ථික අර්බුදයක්, ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට මගේ ප්‍රකාශය නැවතත් මම අවධාරණය කරලා කියනවා, මේ මොහොත වන විට අපේ රටේ ආර්ථික කළමනාකරණය ඇතුලේ ගත්ත තීන්දු තීරණවල දී ආර්ථික වර්ධන වේගය, උද්ධමනය පාලනය කිරීම, සංචිත ගොඩ නැගීම, පුද්ගලික අංශයට ලබා දෙන ණය මේ සියල්ල ගත්තහම කිසිදු අර්බුදයක් රට ඇතුලේ නැහැ.”

උපුටා ගැනීම : අද දෙරණ