𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

වෘත්තීය සංවර්ධන හා තාක්ෂණික සවිබල ගැන්වීමේ පෙරගමන්කරු වන  ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන් වේ

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා රාජගිරියේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. පශ්චාත් කොවිඩ් අවදියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජිවනය සහ තවත් බොහෝ අභියෝගයන් රැසකට එරෙහිව පියවර ගනිමින් ප්ලාස්ටික් හා රබර් ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ වෘත්තීය හැකියාවන් මෙන්ම දක්ෂතාවයන් සංවර්ධනය කිරීම වෙනුවෙන් තීරණාත්මක ජාතික මෙහෙවරක්  ප්ලාස්ටික් හා රබර් ආයතනය විසින් ඉටුකරන ලදී. වසර 63  දීර්ඝ කාල පරිච්ඡේදය තුළ මෙරට අනාගත අවශ්‍යතාව හඳුනාගනිමින් වෘත්තීමය කර්මාන්තයක් ලෙස ප්ලාස්ටික් හා රබර් කර්මාන්තය ස්ථාපනය කිරීමටත්, දැනුම හා පුහුණුව පදනම් කරගත් සුවිශේෂි වැඩසටහන් රැසක් මෙහෙයවීමටත් ප්ලාස්ටික් හා රබර් ආයතනය පුරෝගාමී කාර්යභාරයක  නිරත වේ.

මෙහිදී ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ නව සමාජික මණ්ඩලය ලෙස  නව සභාපති පී.පී. පෙරේරා මහතා, උප සභාපති ආචාර්ය උපුල් රත්නායක මහතා , උප සභාපති ප්‍රභාත් ජයසිංහ මහතා, උප ලේකම් පියෝ පෙරේරා මහතා , භාණ්ඩාගාරික කේ. ඒ. සී.  විද්‍යාරත්න මහතා මෙන්ම උප භාණ්ඩාගාරික වශයෙන් දේවිකා රොද්‍රිගු මහත්මිය තේරී පත්විය.

ප්ලාස්ටික් හා රබර් ආයතනයේ හිටපු සභාපති කළ්‍යාණ ධීරසේකර මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වුවේය. ” පුළුල් දැක්මක් හා මෙහෙවරක් වෙනුවෙන් කැපවූ ලාභ නොලබන සංවිධානයක් ලෙස අපගේ කැපවීම පිළිබඳව මෙහිදි මම  අවධාරණය කරන්න කැමැතියි. ප්ලාස්ටික් හා රබර් ආයතනය දේශපාලන , ආර්ථික  සහ සමාජීය අභියෝගවලට සාර්ථකව මුහුණදෙමින් ශක්තිමත්ව නැගී සිටියා. අපගේ මෙම වාර්ෂික මහා සභා රැස්වීම තරුණ පිරිසගේ හා පළපුරුද්ද සහිත අප සමාජිකයන්ගේ ශක්තිය එකාබද්ධ කරමින් අනාගතය වෙනුවෙන් ජයග්‍රාහී මාවතක් නිර්මාණය කිරීමේ සුවිශේෂි අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.”

රටක් වශයෙන් අප නැවත ගොඬනැගෙමින් සිටින අවස්ථාවක ප්ලාස්ටික් හා රබර් ආයතනය ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා රබර් ක්ෂේත්‍රය තුළ සිය මෙහෙය මැනවින් හඳුනාගනිමින් ප්‍රධාන උපායමාර්ගික මුලපිරීම් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටියි. මෙම ක්ෂේත්‍රය පිළිබඳව පැරණි සමාජිකයන් සතු දිගුකාලීන  පළපුරුද්ද හා  අත්දැකීම්  නව කළමනාකරණ ව්‍යුහයේ  තාරුණ්‍ය  උද්යෝගය සමඟ මුසු  කරමින් ප්‍රගතිශිලි ඉදිරි පියවරක් සනිටුහන් කිරීම මෙහිදී සිදුවිය.

ප්ලාස්ටික් හා රබර් ආයතනයේ නව සභාපති පී.පී. පෙරේරා මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වුවේය. ” ප්ලාස්ටික් හා රබර් ආයතනයේ මෙම එකමුතුව අනාගතය ශ්‍රී ලංකාවේ සංවර්ධන උත්ප්‍රේරණයක් ලෙස වර්ධනය කිරීමට අපි නිරතුරුවම කැපවී සිටිමු. නව මුලපිරීම් ක්‍රියාවට නංවමින් හා වෘත්තීය සමාජිකත්වය හරහා උසස්  හා සදාචාරාත්මක මාර්ගෝපදේශනවලට සහයෝගය දෙමින් සාර්ථක ගමන් යෑම අපි සෑමගේ බලාපොරොත්තුයි. එසේම අප සතු ක්ෂේත්‍ර දැනුම, තරුණ ජවය ජාතික ආර්ථිකය වර්ධනයට හා තාක්ෂණික දියුණුවට මනා දායකත්වයක් ලබාදීම අපේ අරමුණයි.”

ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයෙහි නවතම අධ්‍යයන වැඩසටහන් ඇතුළු සියලුම තොරතුරු විමසීම් සඳහා www.prisrilanka.com වෙබ් අඩවිය හෝ +94112864354 දුරකථන අංකය සමඟ සම්බන්ධ විය හැකිය.