𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව නිල සංචිත වත්කම් හි 0.5% ක සුළු වර්ධනයක් මාර්තු මාසයේ දී දැකගත හැකි වේ.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 ක් දක්වා 0.7% කින් 2025 පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් ඇත.