𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු මෙන්න

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ.

එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.27% සිට 9.24% ක් දක්වා පදනම් අංක 3කින් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.81% සිට 9.77%ක් දක්වා පදනම් අංක 4කින් පහළ ගොස් ඇත.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ රු. මිලියන 80,000ක බිල්පත් ප්‍රමාණය වෙනුවෙන් රු. මිලියන 149,216ක ලංසු ලැබී තිබුණු අතර වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 80,000ක ලංසු එහිදී අනුමත කර තිබුණි.

උපුටාගැනීම : අද දෙරණ