ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද උදෑසන 6.40 වන විට, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වර්ධනයකි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමක් ලෙස වාර්තා වේ.
කෙසෙවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 3.98ක පහළ යාමක් ලෙස දැක්වේ.
උපුටා ගැනීම : අරුණ




