𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත සමගින් දැන් නිවසේ සිටම විදුලි බිල්පත් ගෙවීමේ පහසුව

දැනට පවතින සංචරණ සීමාවන් හමුවේ නිවසේ සිටම ආරක්ෂිතව විදුලි බිල්පත් ගෙවීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් හට පහසුව සලසා දෙයි.

පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දී ඇති ස්වයංක්‍රිය බිල්පත් ගෙවීමේ පහසුකමට (Automated Bill Settlement Facility) අමතරව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත ලංකා විදුලිබල මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින් “CEB Care” ජංගම දුරකථන යෙදවුම (App) සහ ceb.lk විදුලිබල මණ්ඩල වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ බිල්පත් ගෙවීමේ පහසුකම ද ඒ අනුව හිමිකර දී ඇත.

මෙම නවත ම පහසුකම පිළිබඳ අදහස් පළකරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් අංශයේ ප්‍රධානී නිලූක ගුණතිලක මහතා සඳහන් කළේ, ක්‍රියාශීලී සහ කාර්යබහුල ජීවන රටාවක් ගතකරන සිය පාරිභෝගිකයන් හට වඩාත් වැදගත්වන පහසුව සහ කාලය ඉතිරිකර ගැනීම සඳහා උපයෝගිතා බිල්පත් වැනි මාසික බිල්පත් ගෙවීමේ පහසුකම හිමිකර දීමට සිය බැංකුව ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව මෙම පහසුකම පිරිනමන බවය. පවතින වාතාවරණය හේතුවෙන් සියලු දෙනාම හැකි පමණ සංචරණය සීමා කළ යුතු බැවින් මෙම හවුල්කාරිත්වය හරහා සිය ආරක්ෂාව තහවුරු කර ගනිමින් නිවසේ සිටම පහසුවෙන් අන්තර්ජාලය හරහා විදුලි බිල්පත් ගෙවීම් සිදුකිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව උදාවන බව ද ඒ මහතා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර සාමන්‍යාධිකාරී ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා ද මෙම සේවාව පිළිබඳ සිය අදහස් පළ කළේය. “ලොව කීර්තිමත් ගෙවීම් හවුල්කරුවෙකුවන ඇමෙරිකන් එක්ස්ප්‍රස් සමග කටයුතු කිරීමේ අවස්ථාව අප වෙත උදාකරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින් අපගේ පාරිභෝගිකයන් හට විදුලි බිල්පත නිවසේ සිටම වඩාත් පහසුවෙන් පියවීමේ හැකියාව හිමිවනවා.”

මෙම හවුල්කාරිත්වය සහ අනෙකුත් දීමනා පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.americanexpress.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකයවන (011) 4 414141 අමතන්න. Nations Mobile Banking App හරහා ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අලුත් ම දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු දැනගත හැකි අතර iOS සහ Android සඳහා එය ලබාගත හැකි වේ.

‘Business Today’ සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටත ම ව්‍යාපාරික ආයතන 15 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මුල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ම විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමවන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේවන විට දිවයින පුරා බැංකු ශාඛා 6 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 127 ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේවන විට මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48 ක් ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.