2025 නව වසර ආරම්භයේ පළමු දින 5 තුළ 39,415ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව වසරේ සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසා සිටියි.
ජනවාරි පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි දෙවනිදා පෙන්වා දිය හැකි අතර එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,392ක් ලෙසයි.
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස පසුගිය වසරේ අවස්ථා වැඩි ගණනක දී ඉන්දියාව වාර්තා වුවත් නව වසරේ පළමු දින 5 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස රුසියාව සඳහන් වන අතර රුසියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 6,481ක් ලෙසයි.
මීට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 6,183ක්, එක්සත් රාජධානියෙන් 2,928ක් සහ ජර්මනියෙන් 2,921ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.