𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජනවාරියේ සිට

හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් – එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත.

එකඟ වූ පරිදි මෙම වෙළෙඳ ගිවිසුම ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවට අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සම්බන්ධයෙන් පැවැති ගැටලු සාකච්ඡා කර නිරාකරණය කරගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම : අද දෙරණ