𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දේශීය ගෑස් සැපයුම යථාවත් කිරීම සඳහා හම්බන්තොට පර්යන්තය භාවිතයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයි

නොවැම්බර් මාසයේ ගෑස් නැව්ගත කිරීම් සහ LPG සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. 

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

2026 නොවැම්බර් මාසය තුළ ශ්රී ලංකාවට ළඟාවීමට අපේක්ෂිත LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් සඳහා ලාෆ්ස් ගෑස් සමාගම අවශ්ය කටයුතු සම්පාදනය කර ඇති අතර, හම්බන්තොට පිහිටි සිය LPG පර් යන්තය හරහා දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා අවශ්ය අනුමැතීන් ලබාගැනීමට අදාළ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටී.

වර්තමාන ගෑස් සැපයුම් බාධා හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයන්ට සහ ව්යාපාරික ප්රජාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සමාගම සිය අවංක කනගාටුව පළ කරයි. වසර 25කට අධික කාලයක් ශ්රී ලංකාවේ LPG වෙළෙඳපොළට සේවය සපයන දේශීය සමාගමක් ලෙස, ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමටත්, දිගුකාලීන සැපයුම් විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමටත් ලාෆ්ස් ගෑස් සමාගම අඛණ්ඩව කැපවී සිටී.


නොවැම්බර් මාසයේ ළඟාවීමට අපේක්ෂිත LPG නැව්ගත කිරීම්
 

සැපයුම්කරු ළඟාවීමට නියමිත වරාය    අපේක්ෂිත දිනය
OQT    හම්බන්තොට    2026 නොවැම්බර් 12–14
Geogas    කොළඹ    2026 නොවැම්බර් 15–17
OQT    හම්බන්තොට    2026 නොවැම්බර් 24–28


මෙම දිනයන් නැව්ගත කිරීමේ කාලසටහන්, වරාය මෙහෙයුම් සහ අදාළ නියාමන අනුමැතීන්ට යටත් වේ. හම්බන්තොටට ළඟාවන LPG තොග දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්ය අනුමැතීන් ලබාගත යුතු වේ. අදාළ ගෑස් තොග ලැබී නිෂ්කාශන කටයුතු අවසන් වීමෙන් පසු බෙදාහැරීම් ක්රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.


LPG සැපයුම් අභියෝග සහ හම්බන්තොට පර්යන්තය

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සහ හෝමුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික ප්රවාහනයට ඇති වී තිබෙන බාධා හේතුවෙන් ජාත්යන්තර LPG සැපයුම් දාමයන්ට බලපෑම් එල්ල වී ඇත. මේ හේතුවෙන් ශ්රී ලංකාව ඇතුළු LPG ආනයනය කරන රටවල් රැසකට ගෑස් ප්රසම්පාදනය සහ නැව්ගත කිරීම සම්බන්ධයෙන් අභියෝගවලට මුහුණදීමට සිදුව තිබේ.

ශ්රී ලංකාවේ LPG සැපයුම් සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට සහ කලාපීය වෙළෙඳාමට සහාය වීම සඳහා, ලාෆ්ස් ගෑස් සමාගමට පූර් ණ අයිතිය හිමි අනුබද්ධ සමාගමක් වන LAUGFS Terminals Limited (LTL) විසින් හම්බන්තොට LPG ආනයන හා අපනයන පර් යන්තය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදුකර ඇත. 2019 වසරේදී මෙහෙයුම් ආරම්භ කළ මෙම පර්යන්තය මෙට්රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් සමන්විත වන අතර, ශ්රී ලංකාවේ විශාලතම LPG ආනයන, ගබඩා කිරීමේ සහ ප්රතිඅපනයන වෙළෙඳ මෙහෙයුම් පර් යන්තය වේ. 
මෙම ව්යාපෘතිය ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) Commercial Hub රාමුව යටතේ අදාළ කොන්දේසිවලට යටත්ව ප්රාග්ධන භාණ්ඩ ආනයන බදු සහන ලබාගෙන ස්ථාපිත කරන ලද්දකි.
ඒ අනුව, දේශීය වෙළෙඳපොළට LPG නිකුත් කිරීමේ හැකියාව වාර් ෂික ප්රතිඅපනයන පිරිවැටුමේ වටිනාකමින් 40%ක් සමඟ සම්බන්ධ කර ඇත. මෙය අපනයන කටයුතුවලට සම්බන්ධ මෙහෙයුම් කොන්දේසියක් වන අතර, ලාෆ්ස් ගෑස් සමාගමට දේශීය LPG වෙළෙඳපොළේ හිමි විය හැකි වෙළෙඳපොළ කොටස සීමා කිරීමක් නොවේ.

කොවිඩ්-19 වසංගතය, ශ්රී ලංකාවේ ආර් ථික හා දේශපාලන අර් බුදය, විදේශ විනිමය හිඟය සහ රටේ ස්වෛරී ණය ශ්රේණිගත කිරීම් පහත වැටීම හේතුවෙන් අවශ්ය ප්රතිඅපනයන මට්ටම් පවත්වාගෙන යාමට ලාෆ්ස් ටර් මිනල් සමාගමට බාධා ඇති විය. එහි ප්රතිඵලයක් ලෙස පැනනැගුණු නියාමන සීමාවන් හේතුවෙන්, සැලකිය යුතු ගබඩා ධාරිතාවක් පැවතියද මෙම පර් යන්තය දේශීය ගෑස් සැපයුම සඳහා භාවිත කිරීම සීමා වී තිබේ.

මීට පෙර හදිසි නීති රෙගුලාසි යටතේ මුදල් අමාත්යාංශය විසින් ලබාදුන් තාවකාලික අවසරය, එම හදිසි නීති රෙගුලාසි අවසන් වීමත් සමඟ අහෝසි විය.

දේශීය LPG සැපයුම සඳහා ගෙන ඇති ක්රියාමර්ග

හම්බන්තොට පර්යන්තය දේශීය LPG සැපයුම සඳහා භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ලබාදෙන ලෙස ලාෆ්ස් ටර්මිනල්ස් සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඊට සමගාමීව, දැනට පවතින Hub තත්ත්වයෙන් ඉවත්ව, අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව මෙම පර් යන්තය පවත්වාගෙන යාම සඳහා අවශ්ය නියාමන සහ මෙහෙයුම් ක්රමවේද ස්ථාපිත කිරීමට සමාගම ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, මුදල් අමාත්යාංශය, ශ්රී ලංකා රේගුව සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කරමින් සිටී.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව, අවශ්ය අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට පහසුකම් සලසන ලෙස ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා අද දින සමාගම වෙත තහවුරු කර ඇත. කෙසේ වෙතත්, අදාළ අනුමැතීන් මෙතෙක් ලැබී නොමැත.

මෙම ගැටලු විසඳීම සඳහා රජය විසින් සිදුකරන මැදිහත්වීම සහ අදාළ රාජ්ය ආයතන ලබාදෙන සහයෝගය ලාෆ්ස් සමාගම ඉතා කෘතවේදීව අගය කරයි.

අතිරේක සැපයුම් ආරක්ෂණ පියවරක් ලෙස, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත සෘජුව LPG සැපයීම සඳහා නව ටෙන්ඩරයක් ද ලාෆ්ස් ගෑස් සමාගම විසින් කැඳවා ඇත.

OFAC සම්බාධක ලැයිස්තුගත කිරීම පිළිබඳ පැහැදිලි කිරීම

ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් යන සමාගම්, ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන විදේශ වත්කම් පාලන කාර්යාලය (Office of Foreign Assets Control – OFAC) විසින් සම්බාධක පනවා නම් කරන ලද ආයතන නොවන බව සමාගම පැහැදිලි කර සිටී.

අදාළ සියලු නියාමන සහ අනුකූලතා අවශ්යතාවන්ට අනුගතව කටයුතු කිරීමටත්, සිය පාර් ශව කරුවන් සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමටත් සමාගම අඛණ්ඩව කැපවී සිටී.

ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සිය පාරිභෝගිකයන් සහ ව්යාපාරික හවුල්කරුවන් දක්වන ඉවසීම හා අවබෝධය අගය කරන අතර, LPG නැව්ගත කිරීම් ළඟාවීම සහ අදාළ නියාමන අනුමැතීන් තහවුරු වන පරිදි ඉදිරියේදී වැඩිදුර තොරතුරු ලබාදීමට කටයුතු කරනු ඇත.

ලාෆ්ස් ගෑස් පීඑල්සී
 

අද දෙරණ