𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජාතික උද්ධමනය තවමත් 8.1% මට්ටමේ

2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය මාසිකව 0.4% කින් ඉහළ ගොස් 253.0 ක් ලෙස සටහන් විය. කෙසේවෙතත්, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ පැවති 9.3% සිට සැප්තැම්බර් මාසයේදී 9.1% දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති අතර, එහි මාසික දර්ශකය 0.1% කින් අඩුවී 205.6 ක් බවට පත්විය.

අද දෙරණ