𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2027 මාර්තු මාසයෙන් පසු IMF නැද්ද? – මහ බැංකු අධිපති මෙසේ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන එළඹෙන 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතය.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ එකඟවන්නේ ද, නැතහොත් මූල්‍ය අරමුදලේ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් මේ වන විට ආරම්භ වී ඇත. මේ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන බිමල් රත්නායක මහතා රූපවහිනී සාකච්ඡාවක දී කියා සිටියේ 2027 මාර්තු මාසයෙන් පසු නැවත වරක් මූල්‍ය අරමුදල සමග එවැනි ගිවිසුමකට යාමට අවශ්‍ය නැති බවයි.

2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති බැඳීම්වලින් ඉවත්වන්නේද? මේ සම්බන්ධයෙන් අද දෙරණ බිස්නස් විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවයි. එම තීරණය රජය විසන් ගත යුතු තීරණයක් බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

“මේ ගැන සාකච්ඡා පවතිනවා. විශේෂයෙන් රජය පැත්තෙන් තමයි තීරණය ගන්න ඔ්නේ. රජය – මූල්‍ය අරමුදල මොනවාගේ දේවල් ද කරන්න පුළුවන්. options මොනවාද කියන එක, සාකච්ඡා වෙමින් පවතිනවා. තව programme එකක් යනවාද, නවත්වනවාද, නැත්නම් මොනවගේ එකක්ද යන්නේ. මොනවගේ ඒවාද තියෙන්නේ කියන එක ගැන, කරුණු සලකා බලමින් පවතිනවා, රජය පැත්තෙන්.”

අද දෙරණ