𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

වීසා නැතිව බැංකොක් ගමන් සැප්තැම්බර් 15න් හමාරයි

සැප්තැම්බර් 15 සිට තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර අනිවාර්ය කෙරේ

2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික සාමාන්‍ය ගමන් බලපත්‍ර (ordinary passport) හිමියන් සඳහා තායිලන්තයට ඇතුළුවීමේදී වීසා ලබා ගැනීම අනිවාර්ය කිරීමට තායිලන්ත රජය තීරණය කර ඇත. මෙම නව වීසා ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21 ක් සඳහා මෙතෙක් පැවති වීසා රහිතව ඇතුළු වීමේ සහනය (visa exemption) සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.

මීට පෙර 2024 ජූලි මාසයේදී හඳුන්වා දුන් ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට දින 60 ක් දක්වා වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබුණි. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන නව සංශෝධන යටතේ වීසා රහිතව (දින 30 ක් දක්වා) ඇතුළු විය හැකි රටවල් සහ ප්‍රදේශ සංඛ්‍යාව 60 ක් දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. මෙම වීසා සහනය අහිමි වන රටවල් 21 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත.

මෙම නව නීතිය 2026 සැප්තැම්බර් 15 හෝ ඉන් පසුව තායිලන්තයට ඇතුළු වන සංචාරකයින් සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් 14 වන දින හෝ ඊට පෙර තායිලන්තයට ඇතුළු වන ශ්‍රී ලාංකිකයින්ට දැනට පවතින දින 60 ක වීසා රහිත සහනය යටතේ එරට රැඳී සිටීමට තවදුරටත් අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාව ද ඇතුළුව තායිලන්තයට වීසා නොමැතිව ඇතුල්වීමේ අවස්ථාව අහිමි වන රටවල් 21 පහත පරිදි වේ.

AlbaniaGuatemalaPapua New Guinea
AndorraJamaicaSan Marino
ColombiaKosovoSri Lanka
CubaMexicoTonga
DominicaMonacoTrinidad and Tobago
Dominican RepublicMoroccoUruguay
EcuadorPanamaUzbekistan