𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහනප්‍රවර්ධනය වෙනුවෙන් Evolution Auto සහ සම්පත් බැංකුව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීමේ හැකියාව වඩාත් පහසු කිරීම මෙමඟින් අරමුණු කරයි.

විවිධ ප්‍රවාහන අවශ්‍යතාවලට ගැලපෙන විද්‍යුත් වාහන මාදිලි පෙළගැස්මක් සමඟම, විද්‍යුත් වාහන භාවිතයට යොමු වන පාරිභෝගිකයන් සඳහා සුදුසු මූල්‍ය පහසුකම් ලබා දීම මෙහි දී සිදුවේ. මෝටර් රථ සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි ප්‍රමුඛ සමාගම් දෙකක් මෙලෙස එක්වීම මගින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට වඩාත් තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබේ.

විද්‍යුත් වාහනයකට යොමු වීමේදී, ගැලපෙන වාහනයක් තෝරා ගැනීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම ද පාරිභෝගිකයන්ට තීරණාත්මක වේ. මෙහි දී Evolution Auto සහ සම්පත් බැංකුව සමඟ එක් වෙමින්, විද්‍යුත් වාහන හිමිකාරිත්වය සහ ඒ සඳහා අදාළ මූල්‍ය විසඳුම් පිළිබඳව පහසුවෙන් තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙයි. 

මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් Evolution Auto සමාගම හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා, “ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතයේ ඊළඟ අදියර යනු වෙළඳපොළට අලුත් තාක්ෂණය හඳුන්වා දීමට පමණක් සීමා වූවක් නෙවෙයි. එම තාක්ෂණය තෝරාගැනීම සහ හිමිකර ගැනීම පාරිභෝගිකයන්ට වඩාත් සරල කිරීම ද ඊට ඇතුළත් වෙනවා. සම්පත් බැංකුව සමඟ අප ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින් එම අවශ්‍යතාවය දෙඅංශයෙන්ම ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. එනම්, පාරිභෝගිකයන්ට පුළුල් වන විද්‍යුත් වාහන එකතුවකට ප්‍රවේශය ලබාදෙන අතරම, ඒවා මිලදී ගැනීමට ප්‍රායෝගික මූල්‍ය විසඳුම් ද සපයනවා. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට විදුලි වාහන භාවිතය වඩාත් පහසු කර දීම වෙනුවෙන් තැබූ තීරණාත්මක පියවරක් ලෙස අප මෙය දකිනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

Evolution Auto හි විද්‍යුත් වාහන පෙළගැස්මට AVATR, IM Motors, XPENG, Riddara, සහ KYC වැනි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමුඛතම වාහන සන්නාම ඇතුළත් වේ. උසස් මට්ටමේ පුද්ගලික වාහනවල සිට ව්‍යාපාරික භාවිතයට සුදුසු බහුකාර්ය වාහන දක්වා විවිධ අවශ්‍යතා සඳහා ගැලපෙන විවිධ වාහන විකල්ප  රැසක් ඊට ඇතුළත් වන බැවින්, පුද්ගලයින්ගේ, පවුල්වල සහ ව්‍යාපාරවල විවිධ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සමාගමට හැකියාව ලැබී ඇත.

වාහන හිමිකාරිත්වය, නඩත්තු සහ ධාවන පිරිවැය මෙන්ම පාරිසරික බලපෑම පිළිබඳව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සහ ව්‍යාපාර වඩාත් සැලකිලිමත් වන පසුබිමක, මෙම සහයෝගීතාවය කාලීන අවශ්‍යතාවයක් ඉටු කරයි. වාහන විසඳුම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගුණ දැනුම එකට එක් කරමින්, විද්‍යුත් වාහන වෙත යොමු වීමේ දී මතුවන ප්‍රායෝගික අභියෝගයන්ට විසඳුම් ලබා දීම ද මින් සිදු වේ.

නැවත වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන වෘත්තිකයින්, පවුල් මෙන්ම පාරිසරික හිතකාමී පාරිභෝගිකයින් සඳහා වාහන තේරීම සහ මූල්‍ය විසඳුම් යන දෙකම එකම තැනකින් සපයමින් විද්‍යුත් වාහනයක හිමිකාරිත්වය ලබාගැනීමට මෙම සහයෝගීතාවය අවස්ථා විවර කරයි. ඊට අමතරව, ආයතනික ප්‍රවාහන අවශ්‍යතා සහ වාහන සමූහ සඳහා විදුලි වාහන යොදා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරවලට ද තමන්ගේ මෙහෙයුම් සඳහා විදුලි වාහන විකල්පයන් වෙත ප්‍රවේශ වීමට  පුළුල් අවස්ථාවක් හිමිවේ.

ශ්‍රී ලංකාව විද්‍යුත් වාහන භාවිතය වෙත ප්‍රවේශ වන මෙවැනි සන්දර්භයක දී විවිධ ක්ෂේත්‍රයන් අතර ඇතිවන සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දෙන සංකේතයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හැඳින්විය හැක. වාහන ක්ෂේත්‍රයේ විසඳුම් සහ මූල්‍ය පහසුකම් එකට සම්බන්ධ කිරීම මගින්, විදුලි වාහනයක් හිමිකර ගැනීම යනු සීමිත පිරිසකට පමණක් සීමා වූ විකල්පයකින් එහා ගිය වඩාත් ප්‍රායෝගික ප්‍රවාහන විසඳුමක් බවට පත්කිරීමට Evolution Auto සහ සම්පත් බැංකුව මෙහි දී උත්සාහ කරයි.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා  www.evolutionauto.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.  නැතහොත් 0777 553 355 දුරකථන අංකය අමතන්න.

Photo caption – ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අතර පැවැති අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ නියෝජිතයින්.

වමේ සිට දකුණට: දසුන් සිල්වා මහතා, සිරාන් ප්‍රනාන්දු මහතා, අශාන් වික්‍රමසිංහ මහතා, විරාන් ද සොයිසා මහතා, අසංක ලියනගේ මහතා, කේෂාන් දබරේ මහතා, ශමාල් සෙනවිරත්න මහතා සහ සංකල්ප කුමාරපේලි මහතා.