බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් (Brand Finance) ආයතනය විසින් මෑතකදී නිකුත් කරන ලද ‘2026 වසරේ වටිනාම සන්නාම 100’ (100 Most Valuable Brands 2026) වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කර ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත.
ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ දෙවැනි වටිනාම සන්නාමය ලෙස ද ශ්‍රේණිගත වී තිබේ. එහි සන්නාම වටිනාකම රුපියල් බිලියන 54.9ක් වන අතර, පසුගිය වසරේ තක්සේරු කරන ලද රුපියල් බිලියන 46.6ක සන්නාම වටිනාකමට සාපේක්ෂව එය 17.8%ක සැලකිය යුතු වර්ධනයකි.
සන්නාම ශක්තිය අතින් 100න් 87ක සන්නාම ශක්ති දර්ශක (BSI) ලකුණක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් පිරිනමනු ලබන කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීම ද යළිත් හිමිකරගෙන තිබේ. සන්නාම වටිනාකම සහ සන්නාම ශක්තිය යන ශ්‍රේණිගත කිරීම් දෙකෙහි ම බැංකුව පසුගිය වසරේ හිමිකරගෙන තිබූ ස්ථානය මෙවර ද වෙනසකින් තොරව රඳවා ගනිමින්, බැංකුවේ සන්නාම කාර්යසාධනයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කර ඇත.
උපුටා ගැනීම : දිනමිණ




