𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

Elephant House Cream Soda විසින් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් POP Culture 2026 ගෙන එයි.

Elephant House Cream Soda සහ ShowUp Entertainment සමඟ සහයෝගීත්වයෙන්, ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙනුවෙන් ‘POP Culture 2026’ ගෙන එමින් ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරයි.

අගෝස්තු 28 සහ 29 යන දිනවල දී කොළඹ Port City පරිශ්‍රයේ දී පැවැත්වීමට  නියමිත ‘POP Culture 2026’,  ශ්‍රී ලාංකේය තරුණ පරපුර එකාවන්ව නැගී සිටිමින් තමන්ගේ කලාව, විලාසිතා, සංගීතය සහ සිහිනයන් සමරන උළෙලකි. ලොව ප්‍රමුඛ පෙළේ තරුණ උළෙලවල ඇති නිර්මාණශීලීත්වය, දැවැන්ත බව සහ උද්යෝගය එක් තැනකට රැගෙන එමින් සංවිධානය කරන මෙය, ශ්‍රී ලංකාව මෙතෙක් නොවිඳි ආකාරයේ වෙනස්ම අත්දැකීමක් බවට පත්වනු ඇත.

‘POP Culture 2026’ යනු හුදෙක් සංගීත සංදර්ශනයක් පමණක්ම නොවේ. එය වර්තමාන තරුණ පරපුරේ අපේක්ෂාවන් නිරූපණය කරන මෙන්ම දැවැන්ත කලාකරුවන් රැසක් එකම වේදිකාවකට රැගෙන එන අන්තර්ජාතික මට්ටමේ සංස්කෘතික ප්‍රවණතාවකි. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීම්, දැවැන්ත නිෂ්පාදන සැලසුම්කරණය සහ සජීවී නිර්මාණශීලී අත්දැකීම්වලින් සමන්විත මෙම උළෙල ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ නිර්මාණශීලීත්වය හා සිහින අගයමින් නිර්මාණශීලීත්වයට සහ හැකියාවන්ට උපරිම වටිනාකමක් ලබා දීමට සූදානම් වේ.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ ප්‍රමුඛතම තරුණ සන්නාමයක් ලෙස Elephant House Cream Soda නවතම අත්දැකීම් සමුදායක ආරම්භකයා වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වේ. මෙම උළෙල යොවුන් සංස්කෘතිය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් වන අතර, එමඟින් දේශීය තරුණ නිර්මාණකරුවන්ට, ශිල්පීන්ට සහ සිහින හඹායන්නන්ට තම දක්ෂතා සැබෑ ලෙසම විදහා දැක්වීමටත්, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණකරුවන් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමටත් අවස්ථාවක් හිමි වේ.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික තරුණ සිත්වලට නව උද්‍යෝගයක් සහ ජවයක් එක් කළ සන්නාමයක් වන Elephant House Cream Soda සහ Aluth Kalawak, Yaga Festival, Ahankara Nagare, Afro Safari මෙන්ම Yaga Human වැනි සුවිශේෂී නිර්මාණ පිටුපස සිටින ShowUp Entertainment යන ආයතන දෙකම මෙහෙයවනු ලබන්නේ, ශ්‍රී ලාංකික තරුණ පරපුරට නව ක්ෂිතිජයන් කරා පියඹා යාමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දීමේ එකම අභිලාෂයක් මගිනි.

END