𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සංචාරකයින් ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව සාක්ෂාත් කරගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,408,620ක් වේ.

එහිදී අගෝස්තු මාසයේ මුල් දින 09 තුළ, 65,202ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 7,244ක දෛනික සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මෙම ප්‍රවණතාව බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවුවහොත් 225,000ක සංචාරක ඉලක්කයක් අගෝස්තු මාසය තුළ දී සපුරා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින්ගෙන් මූලාශ්‍ර වෙළෙඳපොළ අනුව ඉන්දියාවෙන් 351,713ක් හා එක්සත් රාජධානියෙන් 137,861ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

මේ පිළිබඳ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ