
බණ්ඩාරගම දී පැවැති ‘IAME Sri Lanka Series’ මෝටර් රථ ධාවන තරගාවලියේ තුන්වැනි අදියරේදී සුවුශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන මෝටර් රථ ධාවන ශූරී ටානාෂා රද්දැල්ල සමත් විය. ඒ අනුව, ඇය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණයක් හිමිකර ගත් ප්‍රථම කාන්තා ශූරිය බවට පත්වෙයි. එසේම, මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ දැරියන් වෙනුවෙන් පවතින බාධකයන් බිඳහෙළීමට ඇය මේ වන විට සමත්ව සිටියි. වේගයෙන් ඉදිරියට දිවෙන ඇගේ ක්‍රීඩා දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම ඓතිහාසික ජයග්‍රහණය, ඇගේ ජාතික මෙන්ම ජාත්‍යන්තර ගමන් මඟට දේශීය ව්‍යාපාරයන් වෙතින් සැපයෙන ප්‍රබල අනුග්රහයන්හි ඇති වැදගත්කම ද මැනවින් ඉස්මතු කරයි. ඒ අනුව Mobil, Yokohama, Cinnamon Grand Colombo, Auto Miraj සහ Pitpass යන ආයතන ඇගේ මෙම ගමන සඳහා ශක්තිමත් අත්වැලක් සපයා ඇත.
වයස අවුරුදු 9 දී ශ්‍රී ලංකාවේ ලාබාලතම ජාත්‍යන්තර කාන්තා කාර්ට් (Kart) ධාවිකාවක ලෙස ඇගයීමට ලක්ව සිටින ටානාෂා, ‘IAME Sri Lanka Championship’ තරගාවලියට තරග කර ඇති අතර දැනට මැලේසියානු කාටින් ශූරතාවලිය (Malaysian Karting Championship) සහ ‘IAME Malaysia Championship’ තරගාවලිය නියෝජනය කරමින් සිටියි. තවද, අගෝස්තු මාසයේ සිට ඇය ආසියාවේ දක්ෂතම නැගී එන ධාවිකාවන් සමඟ තරග වදිමින් ‘IAME Asia Championship’ තරගාවලිය සඳහා එක්වීමට නියමිතය. ඇගේ මෙම ගමන හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණයකට පමණක් සීමා නොවූවකි. එය සාම්ප්‍රදායිකව පුරුෂ පාර්ශ්වය ප්‍රමුඛත්වය දැරූ ක්‍රීඩාවක අභියෝගයන්ට මුහුණදෙමින්, දැඩි කැපවීම, අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව සහ නොපසුබස්නා උත්සාහය ප්‍රදර්ශනය කළ ප්‍රබල ක්‍රියාවලියකි.
බණ්ඩාරගමදී ටානාෂා ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය, ඉහළම මට්ටමේ තරගකාරීත්වයකට මුහුණදීමට ඇයට ඇති හැකියාව තහවුරු කරයි. එපමණක් නොව, දක්ෂතාවයට සහ කැපවීමට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බවට ද ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. ඇගේ මෙම සාර්ථකත්වය මෝටර් රථ ධාවන ක්ෂේත්රය තුළ කාන්තා නියෝජනය පිළිබඳ ඇති මතවාදයන් වෙනස් කිරීමට මෙන්ම, තවත් බොහෝ තරුණ දැරියන්ට විශ්වාසයෙන් යුතුව තම ඉලක්ක කරා ගමන් කිරීමට ශක්තියක් සපයනු ඇත.
ටානාෂාගේ මෙම ගමනට ඇගේ අනුග්රාහකයනි වෙතින් ප්‍රබල ශක්තියක් ලබා දෙයි. ඔවුන්ගේ මෙම ආයෝජනය තුළින් පිළිබිඹු වන්නේ යෞවන සංවර්ධනය, සමාන අවස්ථා ලබාදීම සහ ශ්‍රී ලාංකේය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ සාර්ථකව තරග කිරීමේ ඇති හැකියාව පිළිබඳව ඇති විශ්වාසයයි. එක්ව කටයුතු කිරීමෙන්, අර්ථවත් සහයෝගීතාවයන් හරහා දක්ෂ තරුණ තරගකරුවන්ට තම සිහින සැබෑ කර ගැනීමට උපකාර කළ හැකි බවත්, මීළඟ පරම්පරාවට ආදර්ශයක් විය හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරග සඳහා පුහුණුව, ගමන් බිමන්, උපකරණ සහ තරගකාරීත්වය වෙනුවෙන් විශාල ආයෝජනයක් අවශ්‍ය වන බැවින්, දක්ෂ තරුණ ධාවකයන්ට ඉහළම මට්ටමින් නොකඩවා තරග කිරීමට අනුග්‍රාහකත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අනුග්රාහකයන්ගේ නිරන්තර සහයෝගය ඇතිව, ටානාෂා
මැලේසියානු කාර්ටින් ශූරතාවලිය, IAME මැලේසියානු ශූරතාවලිය සහ අගෝස්තු මාසයේ සිට IAME ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වන අතර, ආසියාවේ ඉහළම තරගකාරී මෝටර් රථ ධාවන පථයන් වෙත ශ්‍රී ලංකා නාමය ගෞරවයෙන් ගෙන යනු ඇත.
මෝටර් රථ ධාවනයට අමතරව, ටානාසා යනු තවත් ක්‍රීඩා ක්ෂේත්‍ර ගණනාවකම කැපී පෙනෙන දක්ෂතා දක්වන ඉතා දක්ෂ තරුණ ක්‍රීඩිකාවකි. ඇයගේ වේගය, විඳදරාගැනීමේ හැකියාව සහ තරගකාරී ලැදියාව පෙන්නුම් කරමින් ඇය තම පාසලේ වයස අවුරුදු 10 න් පහළ මලල ක්‍රීඩා ශූරිය බවට පත්ව සිටින්නීය. තවද ඇය පාසල් වයස අවුරුදු 13 න් පහළ බාලිකා බාස්කට්බෝල් කණ්ඩායමේ සහ පාපන්දු කණ්ඩායමේද සාමාජිකාවක වන අතර, එමඟින් ඇයගේ බහුකාර්ය හැකියාව, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාවට ඇති කැමත්ත මනාව පැහැදිලි වේ. මලල ක්‍රීඩා සහ කණ්ඩායම් ක්‍රීඩා හරහා ඇය ලබා ඇති ජයග්‍රහණ, ධාවන පථය තුළ මෙන්ම පිටතදීත් ඇගේ සාර්ථකත්වයට හේතු වන විනය, කැපවීම සහ ශක්තිය තවදුරටත් සනාථ කරනු ලබයි.
අතීතයේ පටන් කාන්තා නියෝජනය අඩු මට්ටමක පැවැති ක්ෂේත්රයන්හි තමන්ටද ඉදිරියට යා හැකි බවට විශ්වාස කිරීමට ටානාෂාගේ මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ දැරියන් දිරිමත් කරයි. ඇගේ කතාව සිහිපත් කරන්නේ උනන්දුව, නොපසුබස්නා උත්සාහය සහ තරුණ දක්ෂතා කෙරෙහි විශ්වාසය තබන පිරිසකගේ සහයෝගය තිබේ නම්, වරක් කළ නොහැකි යැයි සිතූ දේවල් පවා යතාර්ථයක් කරගත හැකි බවයි.
ටානාෂා රද්දැල්ලගේ පියා සහ කළමනාකරු වන තුෂිර රද්දැල්ල මහතා සිය දියණියගේ ජයග්‍රහණය පිළිබඳව දැක්වූ අදහස් මෙසේය. “මෙම අනුග්‍රාහකත්වය හුදෙක් ධාවන තරග සඳහා පමණක් සීමා වූවක් නොවේ. මෙය තරුණ දැරියකට ඇගේ සිහින හඹා යාමට අවස්ථාව ලබා දීමක්. ඒ වගේම මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ දැරියන්ට ඇති බාධක බිඳ දැමීමක්. එමෙන්ම කිසිදු සිහිනයක් විශාල වැඩි නැති බවට අන් අයට විශ්වාසයක් ඇති කිරීමක් සහ ව්‍යාපාර තරුණ දක්ෂතා වෙනුවෙන් ආයෝජනය කරන විට කළ හැකි දේ පෙන්වා දීමක්. ටානාෂා කෙරෙහි විශ්වාසය තබා මෙම ගමනට අප හා එක්වීම පිළිබඳව Mobil, Yokohama, Cinnamon Grand Colombo, Auto Miraj සහ Pitpass යන ආයතනවලට මම අපගේ කෘතඥතාව පළ කර සිටිනවා.”
ටානාෂා දේශීය හා විදේශීය වශයෙන් සිය සාර්ථකත්වය තවදුරටත් ගොඩනඟන අතරතුර, ‘IAME Sri Lanka Series’ තරගාවලියේ ඇය ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පවතිනු ලබයි. ප්රගතිශීලී ශ්‍රී ලාංකික සන්නාමයන්ගේ සහය ඇතිව සහ ජයග්‍රහණය සඳහා වන නොසැලෙන කැපවීමෙන් බලගැන්වී ඇති ඇය, බාධක යනු බිඳහෙළීමට ඇති දේවල් බව සනාථ කරමින්, නව පරපුරකට පෙරටත් වඩා මහත් සේ සිහින දැකීමට ශක්තිය සපයන්නීය.





