𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවන දවස් මෙන්න

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ බලපත්‍රය පසුගිය ජූලි 03 දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව පැවසුවේ, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී.

විවිධ නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළද, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීමට සිදුවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ඒ අනුව 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් නේෂන් ලංකා පීඑල්සී හි තැන්පත්කරුවන් වෙත වන්දි මුදල් ගෙවීම 2026.08.01 දින සිට ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මෙම ගෙවීම් මහජන බැංකු ශාඛා හරහා සිදුකෙරෙන අතර අදාළ ගෙවීම් සිදුකෙරෙන දිනයන් සහ වේලාවන් පහත නිවේදනය පරිදි වේ.

උපුටා ගැනීම : අද දෙරණ