𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලාංකික සිසුන් සහ වෘත්තිකයන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් UK සුදුසුකම් පිරිනැමීමට ESOL Premier Campus සහ OCN London හවුල්කාරිත්වයකට එළඹෙයි

දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ (UK) පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ESOL Premier Campus ආයතනය OCN London පාඨමාලා මෙරටට හඳුන්වා දීම සඳහා වන සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN London යනු එක්සත් රාජධානියේ Ofqual (Office of Qualifications and Examinations Regulation) ආයතනය මගින් නියාමනය කරනු ලබන, එංගලන්තයේ පිළිගත් සහතික පිරිනමන ආයතනයකි. ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා මෙහෙයවීම සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් දිනා සිටින ESOL Premier Campus හරහා, විදේශගත නොවී ඉංග්‍රීසි භාෂාව, ව්‍යාපාර කළමනාකරණය (Business Management), අධ්‍යාපනය සහ පුහුණුව (Education and Training) මෙන්ම ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing) යන ක්ෂේත්‍ර ඔස්සේ Ofqual මගින් නියාමනය කරනු ලබන ගෝලීය සහතික පත්‍ර ප්‍රථමවරට ලබා ගැනීමට දැන් ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇත.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මඟින් OCN London සුදුසුකම් මාලාවක් ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන්නන් වෙත පුළුල්ව විවෘත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන රටාවන්ට වඩා දැරිය හැකි සහ නම්‍යශීලී විකල්පයකි. සිසුන්ට Level 3 සිට Level 7 දක්වා සුදුසුකම් ඔස්සේ ඉදිරියට යා හැකි අතර, එමගින් අධ්‍යාපනික ප්‍රගතිය, වෘත්තීය සංවර්ධනය සහ රැකියා උසස්වීම් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ESOL Premier Campus හි සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ අබිනාෂ් මහතා මෙසේ පැවසීය: “ලෝක මට්ටමේ අධ්‍යාපන අවස්ථා දේශීයව ලබා දීමේ අපගේ අරමුණෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, OCN London සුදුසුකම් ESOL Premier Campus හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. Ofqual මගින් නියාමනය කරනු ලබන ආයතනයක් ලෙස OCN London උසස් ප්‍රමිතිය, ප්‍රවේශවීමේ පහසුව සහ සිසුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරනු ලබනවා”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මෙම සුදුසුකම් මගින් සිසුන්ට, වෘත්තිකයන්ට සහ ජීවිත කාලය පුරාම ඉගෙනීමට ලැදි අයට උසස් අධ්‍යාපනයට, වෘත්තීය දියුණුවට සහ පෞද්ගලික සංවර්ධනයට නම්‍යශීලී මාර්ග සලසා දෙන අතරම, ඔවුන්ගේ ඉගෙනුම් හා ඇගයීම් ක්‍රියාවලීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කරනවා. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් සිසුන්ට විදේශීය විශ්වවිද්‍යාලවල අවසන් වසර සඳහා සෘජුවම සම්බන්ධ වීමට මෙන්ම ජාත්‍යන්තර අධ්‍යයන අවස්ථා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව උදාවේ.”

මෙම අවස්ථාව පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කර විකල්ප අධ්‍යාපන මාර්ග සොයන අයට, වෘත්තීය දියුණුව අපේක්ෂා කරන රැකියා නියුක්තිකයන්ට, ගුරුවරුන්ට සහ ගුරු වෘත්තියට පිවිසීමට කැමති අයට මෙන්ම තම දරුවන්ට ගුණාත්මක ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලබා දීමට අපේක්ෂා කරන දෙමාපියන්ට මහඟු ප්‍රතිලාභ රැසක් අත්කර දෙයි. එසේම, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමට කැමති ව්‍යවසායකයින්ට සහ ආයතනික සේවකයින්ට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේක්ෂා කරන අයට ද මෙය ඉතා වටිනා අවස්ථාවකි.

ESOL Premier Campus හරහා පිරිනමනු ලබන OCN London පාඨමාලා මාලාවට CEFR B1, B2, C1 සහ C2 මට්ටම්වල OCN London ESOL International ඉංග්‍රීසි සුදුසුකම්, Level 4 Certificate in Education and Training, Level 3 Certificate in Principles of Business Administration, Level 4 සහ Level 5 Diploma in Business Management, මෙන්ම Level 4 Certificate සහ Level 4 Diploma in Digital Marketing ඇතුළත් වේ. මෙම පාඨමාලා ජාත්‍යන්තර අධ්‍යයන සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර, උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා සිසුන්ව යොමු කිරීමට සැලසුම් කර ඇත.

ESOL Premier Campus ආයතනය, සිසුන්ට එක්සත් රාජධානියේ ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මක අධ්‍යාපනයක් සහ ඇගයීමක් ලැබෙන බව සහතික කරන අතරම, Level 3 සිට Level 7 දක්වා පැහැදිලි ප්‍රගතිශීලී අධ්‍යාපන රටාවක් ලබා දෙයි. සාර්ථක වන සිසුන්ට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල අවසන් වසර (Top-up) උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව ද උදාකර දී තිබේ

අද පවතින තරඟකාරී ශ්‍රම වෙළඳපොළ තුළ ජාත්‍යන්තර සුදුසුකම්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව, ව්‍යාපාරික දැනුම සහ වෘත්තීය කුසලතා සඳහා ඇති ඉහළ ඉල්ලුම සලකා බලා, මෙම පාඨමාලා ඉතා දැරිය හැකි මිලකට සහ නම්‍යශීලී ලෙස හඳුන්වා දී ඇත. ඔන්ලයින් (Online) සහ හයිබ්‍රිඩ් (Hybrid) ක්‍රමවේද ඔස්සේ මෙහෙයවන බැවින්, සිසුන්ට තම පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ වැඩකටයුතු සමබරව පවත්වා ගනිමින්, ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම තැනක සිට අධ්‍යයන කටයුතුවල නිරත විය හැකිය.

ESOL Premier Campus සහ OCN London අතර ඇති වූ මෙම හවුල්කාරිත්වය, එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය ශ්‍රී ලාංකික සිසුන්ට සමීප කරවන අතර, ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට සහ ජාත්‍යන්තර වෘත්තීය මාවත් විවෘත කර ගැනීමට ප්‍රායෝගික අවස්ථා සලසා දෙයි.