𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ලෝක ආහාර වැඩපිළිවෙලේ සහයෝගයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී මාර්ගගත සැලසුම’ නිල වශයෙන් දියත් කරයි

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ (WFP) තාක්ෂණික මඟ පෙන්වීම සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ නොමසුරු මූල්‍ය ආධාර ඇතිව, ශ්‍රී ලංකාවේ 2026-2030 කාලසීමාව සඳහා වූ ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී මාර්ගගත සැලසුම’ අද දින නිල වශයෙන් දියත් කරන ලදී. රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ මානුෂීය සහකාර ආයතන රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන හරහා ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ආපදාවන්ට පෙර ඒකාබද්ධව ක්‍රියා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඇත.

මෙම ක්‍රියාකාරී මාර්ගගත සැලසුම, ආපදාවලින් සිදුවන බලපෑම් කල්තියා හඳුනාගැනීම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ කල්තියා වෙන්කෙරෙන ආපදා සහන අරමුදල් හරහා ශ්‍රී ලංකාවේ ආපදා පූර්ව සූදානම තවදුරටත් ශක්තිමත් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ලෝක ආහාර වැඩපිළිවෙල, එක්සත් ජාතීන්ගේ අනෙකුත් ආයතන, දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ පෞද්ගලික අංශයේ සහකරුවන්ගෙන් සමන්විත ‘ජාතික අවදානම් අපේක්ෂිත ක්‍රියාකාරී  කණ්ඩායම’ විසින් මෙම සැලැස්ම සකස් කර ඇත. මෙමඟින් ආපදා අවදානම අවම කිරීමට සහ පීඩාවට පත්වන ජනකොටස් වඩාත් හොඳින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර සුදුසු වේලාවට කල්තියා ගැනීමට මඟ පෑදෙනු ඇත.

#                  #                   #

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) යනු හදිසි අවස්ථාවන්හිදී වටිනා ජීවිත බේරා ගනිමින්, ආහාර ආධාර උපයෝගී කරගෙන ගැටුම්, ආපදා සහ දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් ජනතාවට සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය කරා යාමට මඟ පාදන ලොව විශාලතම මානුෂීය සංවිධානයයි.

@WFPSriLanka ඔස්සේ අපගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ එක්ස් (පෙර ට්විටර් ලෙස හැඳින්වූ) සමාජ මාධ්‍ය ගිණුම් සමඟ සම්බන්ධ වන්න.

වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සම්බන්ධ කරගන්න (විද්‍යුත් ලිපිනය: [email protected]): කැරල් ටේලර්, ලෝක ආහාර වැඩසටහන, දුරකථන අංකය: +94 766 578432